සංශෝධන එපා, කොතලාවල පනත හකුලා ගනු! ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි

පාර්ලිමේන්තු සංශෝධන ජන්ද විමසීම් එපා, ජන මතයට හිස නමනු, කොතලාවල පනත වහා හකුලා ගනු ! යන මැයින් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කිරීමේ වැඩසටහනක් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් ඊයේ (24) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ, කම්කරු අරගල මධ්‍යස්ථානයේ දුමින්ද නාගමුව, ලංකා ගුරු සංගමයේ ජෝෂප් ස්ටාර්ලින්, ඇතුළු වෘත්තීය සමිති හා බහුජන සංවිධාන කරමින් විශාල පිරිසක් සම්බන්ධ විය. අනතුරුව සියළු දෙනා කොතලාවල පනත හකුලා ගන්නා ලෙසට බල කරමින් ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තබන ලදී,

මෙහිදී සියළු දෙනාම අවධාරනය කර සිටියේ මෙම කොතලාවල පනත පාර්ලිමේන්තුව තුල නැවත සංශෝදන, ඡන්ද විමසීම් අවශ්‍ය නොවන බවත් කලයුත්තේ මෙම පනත ආණ්ඩුව විසින් හකුලා ගැනීම පමණක් බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...