සංශෝධන එපා, කොතලාවල පනත හකුලා ගනු! ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි

පාර්ලිමේන්තු සංශෝධන ජන්ද විමසීම් එපා, ජන මතයට හිස නමනු, කොතලාවල පනත වහා හකුලා ගනු ! යන මැයින් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කිරීමේ වැඩසටහනක් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් ඊයේ (24) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ, කම්කරු අරගල මධ්‍යස්ථානයේ දුමින්ද නාගමුව, ලංකා ගුරු සංගමයේ ජෝෂප් ස්ටාර්ලින්, ඇතුළු වෘත්තීය සමිති හා බහුජන සංවිධාන කරමින් විශාල පිරිසක් සම්බන්ධ විය. අනතුරුව සියළු දෙනා කොතලාවල පනත හකුලා ගන්නා ලෙසට බල කරමින් ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තබන ලදී,

මෙහිදී සියළු දෙනාම අවධාරනය කර සිටියේ මෙම කොතලාවල පනත පාර්ලිමේන්තුව තුල නැවත සංශෝදන, ඡන්ද විමසීම් අවශ්‍ය නොවන බවත් කලයුත්තේ මෙම පනත ආණ්ඩුව විසින් හකුලා ගැනීම පමණක් බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...