අරං ආව නව වෙනිදා නේද පාට

උල්තාපාතයක් වගෙයි
නව වැනිදා මැයි
පළ වෙනිදා නව වෙනිදා
ජන ගඟ පිරි මැයි

පෙර කිසිදා දැක නැති දා
මහ වැස්සක් මෙන්
ආ මිනිසා හිස ඔසවා
නැගිට්ට හැටි නං

උඩින් ගත්ත පින්තූරත්
බිමින් ගත්ත පින්තූරත්
ඉතිහාසය ලියා තියා ගියා
එතෙක් මෙතෙක් කොතෙක් කළක්
නො සිතූ දෙයක් කරපු දිනක් මැයි

කඳ පුණුවෝ
නරි නිරිඳෝ
ඈපා මාපා දෙටුවෝ
පුටු හැර දා
දිවි පරදා
වකුටු කරපු මැයි

සළිත ලලිත
කැළත දියත
වෙරළත පෙණ පිඬුව ලලිත
අරගල උරගල ජන රළ
කොළඹ වසාගත් මැයි බල
මොනා වුණත් අද නැති බල
එදා තමයි පුරවැසි බල

ඉන්දුචාප පාට පාට
සිත් ඇතුළත චක්‍රවාට
බලාපොරොත්තුවේ දෑත
අරං ආව නව වෙනිදා නේද පාට

ගූගල් කාචේ ද දෑස්
විවර වුණා ලොවම නිවුස්
පළා ගියපු ගෝඨා පුස්
උල්කාපාතය යට පස්

අරගලයයි නව වැනිදා
මැර බලයයි නව වැනිදා
ජන බලයයි නව වැනිදා
මැයි මාසන නව වැනිදා

09.05.23

Share post:

Popular

More like this
Related

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...

පාදුක්ක සිදුවීම ගැන පොලීසියෙන් ‘බබා පාට්’

පාදුක්ක ප්‍රදේශයේදී නිල අංක තහඩුව සවි කර නොතිබූ අලුතින්...

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට අද(04) ගෙන තිබේ. හිටපු අමාත්‍ය...