Breaking News

අසුචි පොහොර නැව – ඩොලර් මිලියන 6.9ත් නෑ, වගකිවයුත්තෙකුත් නෑ

චීන පොහොර නැවට මුදල් ගෙවීම ගැන සොයා බැලීමට කමිටුවක් පත්කිරීමත් සමඟ නැවතත් මෙම ප්‍රශ්නය ගැන අවධානයක් ඇතිව තිබෙනවා. එසේම කමිටු පත් කිරීම තවත් බොරු මුදල් නාස්තියක් බව පෙනෙන්නටතිබේ .

මේ අතර කාබනික පොහොර මිලදී ගැනීමක් සමථයකට පත් කිරීම සඳහා හිටපු රජය ගෙවා ඇති ඩොලර් මිලියන 6.9ක ආපසු ලබාගත නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙනවා The Sunday Morning පුඅවත්පත පවසනවා.

අදාළ වාර්තාවේ පෙන්වා දෙන්නේ සමාගමේ කිරීමේ අරමුණින් චීන පොහොර නිෂ්පාදකයා ශ්‍රී ලංකාවේ මෙම ඉල්ලීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

අවස්ථා කිහිපයකදී පැවැති සාකච්ඡාවලදී ඩොලර් මිලියන 6.9ක මුදල අයකර ගැනීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීම චීන නිෂ්පාදකයා ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ වෙනුවට එම වටිනාකමට කාබනික පොහොර ලබාදීමට යෝජනා කර ඇති බව සඳහන්.

කෙසේ නමුත් ශ්‍රී ලංකා නිලධාරීන් තවදුරටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට උත්සාහ කරමින් සිටින බවද වාර්තා වනවා.

මේ අතර කාබනික පොහොර වෙනුවට රසායනික පොහොර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නිලධාරීන් චීන නිෂ්පාදකයින් ඉල්ලීමක් කර තිබෙනවා.

නමුත් එම සමාගම කාබනික පොහොර පමණක් නිෂ්පාදනය කරන බව පවසමින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි සඳහන් වන්නේ.

එකිනෙකාට ඇඟිල්ල දිගුකිරීම

මෙම පොහොර නව ගෙන්වීමට සම්බන්ධ වූවන්ද එකිනෙකාට ඇඟිල්ල දිගුකරනු දක්නට ලැබේ. එවක කෘෂිකර්ම ඇමති මහින්දා නන්ද අලුත්ගමගේ පවසන්නේ එවක රාජ්‍ය අමාත්‍යාංශය මැදිහත්ව සිදුකළ මේ ගනුදෙනුව පිටුපස වෙනත් කතාවක් ඇති බවයි. එවක විෂයය භාර අමාත්‍යවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා කටයුතු කළ අතර රාජ්‍ය අමාත්‍ය ධුරය දැරුවේ ශෂීන්ද්‍ර රාජපක්ෂයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීරණයෙන් පසුව, 2021 අගෝස්තු පස්වනදා චීනයේ චින්දාඕ සීවින් බයෝ ටෙක් නමැති සමාගමෙන් ඩොලර් මිලියන 63.9 ක් ගෙවා මුහුදු පැලෑටිවලින් නිපදවූ කාබනික පෙහොර මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබිණ.

2021 සැප්තැම්බර් මාසයේ මෙරටට ළඟා වූ පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා ඇතැයි ශාක නිරෝධායන සේවය නිගමනය කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් ඇතිවූයේ බරපතළ අර්බුදයකි.

විවිධ ක්‍රියාමාර්ග ගැනුන ද අවසානයේ පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමට සිදුවූ අතර, චීන පොහොර නැව රටේ තැන තැන යාත්‍රාකර අවසානයේ පිටව ගියේ ය.

පසුව චීන සමාගම ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක් ඉල්ලා සිටි අතර, 2021 ජනවාරි 7 වනදා ශ්‍රී ලංකාවට එම මුදල ගෙවා දැමීමට සිදුවිය.

පොහොර අංශුවක් හෝ නොමැතිව රට බරපතළ ආර්ථික අර්බුදයක සිටියදී ඩොලර් මිලියන 6.9 ක් ගෙවීමට සිදුවීම පිළිබඳව එවක බරපතළ විවේචන එල්ලවූ අතර, පොහොර තොගය නිසි අනුමැතියකින් තොරව ගෙන්වා තිබූ බවට ද එහිදි චෝදනා නැගිණ.

leave a reply