ගම්මන්පිළගෙන් ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප් ගැන පැමිණිල්ලක්

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල තමන්ට එල්ලවන චෝදනා වෙනතක හැරවීමේ අරමුණින් අලුත් ගැටයක් ගසා තිබේ. එනම් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් ලබා ගන්නා ලද මාසික වැටුප පක්ෂ අරමුදලට යොමු කිරීමෙන් දේශපාලන කටයුතු සිදු කිරීම සම්බන්ධව ඔහු අද (29) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම කොටි සංවිධානයේ නායකයකුගේ ප්‍රකාශයක් මත සිදුකළ බවට උදය ගම්මන්පිළ මාධ්‍ය හම්වුඅකදී අදහස් පළ කර තිබුණි.

කෙසේවෙතත් උක්ත මාධ්‍ය සාකච්ඡාවේදී ගම්මන්පිල සිදුකරන ලද ප්‍රකාශ පදනම් කරගෙන ඔහුට එරෙහිව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. මෙම පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් ගමන්න්පිල විසින් රීට් පෙත්සමක් ද ගොනුකර තිබේ.

මහජන අරමුදල් දේශපාලනික අරමුණු වෙනුවෙන් යෙදවීමෙන් ජාතික ජන බලවේගය සිදු කරන දූෂණයට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත එම පැමිණිල්ල යොමුකර ඇත.

කෙසේවෙතත් දැන් ගම්මන්පිළ තමන්ට එල්ලවූ චෝදනා වෙනුවට වෙනත් දෙයක් සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය යොමුකිරිම සඳහා යොමුවී ඇති බව පෙනේ.

උදය ගම්මන්පිල අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කර ඇති ලිපියට අනුව මහජන සේවයකට වැය කිරීමට ලබා දෙන අරමුදල් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයකට යෙදවීම මහජන මුදල් අවභාවිතා කිරීමකි; දූෂණයකි. එබැවින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 159 දෙනා ද ජනාධිපතිවරයා ද මෙම දූෂණය නමැති වරද සිදුකර ඇති බැවින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පිවිතුරු හෙළ උරුමය පක්ෂය ලෙස ඔවුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...