ඩේසි ආච්චි සමඟ හවුල් ගිණුම් පවත්වාගෙන ගිය යෝෂිත නිසා ඩේසි ආච්චිටත් නඩු 

අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් නම් කාන්තාවට එරෙහිව  මුදල් විශුද්ධි කරන පනත යටතේ නඩු පැවරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ලැබුවා .  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ  අදාළ කාන්තාවට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද  පනවා ඇති අතර  මේ සම්බන්ධ සියලු සැකකරුවන්ට අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවයි.

යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් නැමැත්තියට නඩු පවරා ඇත්තේ 2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂ උපයාගත් මුදල් සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙනි . විමර්ශන වලදී හෙළිවී ඇත්තේ සැකකටයුතු මෙම මුදල් ස්ථීර තැන්පතු සහ බැංකු තැන්පතුවල යෝෂිත යොදවා තිබී ඇති අතර එහිදී ඩේසි ෆොරස්ට් නම් තැනැත්තිය සමග හවුල් ගිණුමක් වශයෙන් මෙම ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති බවයි .

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...