රාජපක්ෂලාගේ බොරු ‘සමෘද්ධි’ ප්‍රේමය

රාජපක්ෂලා අලුත් සෙල්ලමක් පටන් ගෙන තිබේ. විශේෂයෙන් නාමල් රාජපක්ෂ ටිකින් ටික කළ එළි බසිමින් නහයෙන් අඩමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන්නේ තමන්ගේ ප්‍රතිපත්ති නොවන බවයි.

මෙම තත්ත්වය වැඩි වූවේ සමෘද්ධි සහනාධාරය ඉවත්කර අස්වැසුම නමින් නව සහනාධාර ක්‍රමයක් හඳුන්වා දෙන බව පවසමින් සමෘද්ධි සහනාධාරය කප්පාදු කිරීමට කටයුතු කිරීමත් සමඟයි. ඉන් පසු විවිධ තැන්වලින් එළියට පැමිණි රාජපක්ෂලා සමෘද්ධි සහනාධාර අහිමිවූ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන්නට විය.

ඊයේ පොළොන්නරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් ආසන බලමණ්ඩල රැස්වීමේ දී නාමල් රාජපක්ෂ පවසන්නේ රනිල් වික්‍රමසිංහ ඒ මොහොතේ තෝරාගත්තේ පාර්ලීමේන්තුව තුළින් හොඳම විකල්පය හැටියට නමුත් ඔවුන් අතර ප්‍රතිපත්තිමය ගැටලුවක් ඇති බවයි.

එසේම පොදුජන පෙරමුණ ලෙස රනිල් වික්‍රමසිංහගේ ධනේශ්වර පන්තියේ ආර්ථික ප්‍රතිපත්ති, ප්‍රතිලාභ ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය නායකත්වය පාර්ලිමේන්තුවේ ලබාදීමේ වගකීම පොහොට්ටුවට ඇති බව ඔහු පවසයි.

රනිල් වික්‍රමසිංහ දැනට ක්‍රියාත්මක කරමින් සිටින ප්‍රතිපත්ති මාලාව මූල්‍ය ආරමුදලේ නිර්දේශ අනුව ක්‍රියාත්මක වෙමින් තිබෙන්නකි. රාජපක්ෂලා ද ලෝක මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අත් ඔසවා කැමැත්ත පළකරන ලදී.

දැන් කිසිත් නොදත් තොත්ත බබාලා මෙන් ජනතාව ඉදිරියේ බොරු දෙසා බාමින් සිටින්නේ ජනතාව නැවතත් බිලී බා ගැනීමේ අරමුණින් බව පැහැදිලිය.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...