අන්තරේ විරෝධතාවය අතරතුර සිසුන් 08ක් අත්අඩංගුවට

මර්දනයට එරෙහිව සහ ජනතා ප්‍රශ්න විසඳන ලෙස බලකරමින් අද පැවති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවය අතරතුර සිසුන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන වත්තල පොලීසියේ රඳවා ඇති බව මානව හිමිකම් කොමිසම තහවුරු කර තිබේ. නීතිඥවරුන් විසින් අත්අඩංගුවට ගත් සිසුන් පිළිබඳ විමසීමේදී මීට පෙර වත්තල පොලීසිය සඳහන් කර ඇත්තේ ඔවුන් තමන් භාරයේ නොසිටින බවයි.

අද සවස විරෝධතාවය අතරතුරදී අත්අඩංගුවට ගත් සිසුන් කුමන පොලීසිය වෙත ගෙනගියේද යන්න නීතිඥවරුන්ට සොයාගැනීම පැය කිහිපයක් ගතව තිබුණි. නීතිඥවරුන් කඩවත, පෑලියගොඩ, කිරිබත්ගොඩ සහ වත්තල පොලිස් ස්ථානවලින් විමසීමේදී පවසා ඇත්තේ අත්අඩංගුවට ගත් සිසුන් තමන් භාරයේ නොසිටින බවයි. ඔවුන් වත්තල පොලීසියේ සිටින බව පවසා ඇත්තේ මානව හිමිකම් කොමිසම මැදිහත්වීමෙන් පසුවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සිසුන් වන්නේ කැලුම් මුදන්නායක, දිල්ෂාන් හර්ෂණ, ශෂික දිල්හාර, විහඟ ලහිරු, අසේල මධුවන්ත, ගිහාන් කුමාර, ෆ්‍රැන්සිස් ජීවන්, කොහොඹගනේ සිරිරතන යන අයයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...