මිනිස්සු සහනාධාර අරගෙන සල්ලි පොලියට දෙනවා – අතපය හතර තියාගෙන පිනට කන සමන් රත්නප්‍රිය කියයි

සහනාධාරයට නම දාගෙන මාස හයකට අවුරුද්දකට පසු ඒ මුදල් පොලියට දෙන පිරිසකුත් ඉන්න බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසා තිබේ.

සමෘද්ධි සහනාධාර ක්‍රමයේ විවිධ ප්‍රශ්න තිබූ බව හැමදෙනාම දන්නා බවත් ලක්ෂ දාහතක පිරිසක් සමෘද්ධි සහනාධාරය ලැබු අතර ඒ අතර සමෘද්ධි සහනාධාරය නොලැබිය යුතු පිරිසක් සිටින බවද ඔහු සඳහන් කර ඇත.

පසුගිය වසරේ ඇති වූ ආර්ථික අර්බුදය සමඟ දුප්පත් බවට පත්වූ ප්‍රතිශතය ඉහල ගිය බවද ලක්ෂ පහකට වැඩි පිරිසකගේ රැකියා අහිමි වූ අතර ඒ පිරිස එම තත්ත්වයෙන් මුදවා ගැනීමට අස්වැසුම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළ බව රත්නප්‍රිය පවසා තිබේ.

රත්නප්‍රිය පවසන ආකාරයට දුප්පතුන් වැඩිවී ඇත්නම් කළයුතු වන්නේ සහනාධාර කපා දැමීම නොව සහනාධාර වැඩිකිරීමයි.

අනිත් අතින් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් නමින් බොරු තනතුරු නිර්මාණය කර ජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් සිටින සමන් රත්නප්‍රියලා ජනතා අරමුදල් ගැන කිඹුල් කඳුළු හෙළීම නම් විහිළුවකි.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...