Breaking News

ඩොනල්ඩි ට්‍රමිප්ට තමන්ව අහිමි වෙමින් පවතයි

“ලෝකයේ ශ්‍රේෂ්ඨතම රට අප සතුව ඇත,අපි එය ආරක්ෂිතව තබා ගන්නෙමු, විරෝධතාකරුවෝ වෙරළ තීරයේ සිට නගර දක්වා වනසමින් සිටිති ආණ්ඩුකාරවරුනි, ජාතික ආරක්ෂක භටයන් යොදවා නොගැනීම නිසා ඔබලා“මෝඩයන් හා දුර්වලයන් ලෙස මට පෙනේ. ඔබලා මිනිසුන් අත්අඩංගුවට ගත යුතුව ඇත, ඔබලා මිනිසුන් ලුහුබැඳිය යුතුය, ඔබලා ඔවුන්ව වසර 10 ක් සිරගත කළ යුතුය. එවිට නැවත කිසිදිනෙක මේ දේවල් දකින්නේ නැත ඔබ එය නොකරන්නේනම් මම එක්සත් ජනපද මිලිටරිය යොදවමි ”

එවිට වොෂිංටන් ආණ්ඩුකාර ජේ ඉන්ස්ලේJay Inslee මෙසේ කීවෙිය
“වෛරය ඉස්මතු වන්නේ බලයේ යමෙකු සිටින විට වෛරයේ ඔක්සිජන් ආශ්වාස කරන බැවිනි.ජාතිවාදය මත සිය සමස්ත දේශපාලන ජීවිතය ගොඩනඟා ගැනීමෙන් පසු ශක්තිමත් ලෙස සිටීමට උත්සාහ කරන අනාරක්ෂිත මිනිසෙකුගේ කටකතා ඔබලා ගනන් නොගත යුතුය ”

උපාලි ජයසිංහ


බලය පෙන්වන ලෙස ඇමරිකානු ආන්ඩුකාරවරුන්ට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුන් උපදෙසට උත්තර දුන් හූස්ටන් පොලිස් ප්‍රධානී :

පොලිස් ප්රධානියා වශයෙන් මම මේ ඇමරිකාවෙ ජනාධිපතිට කියන්නෙ, උඹට කියන්න සාධනීය දෙයක් නැත්තං, කරුණාකරල උඹ උබේ කට වහගනිං.
මොකද උඹ අවුරුදු විසිගනං වල කෙල්ලො කොල්ලංගෙ ජීවිතෙයි මේ අනතුරේ දාන්නෙ.මේක බලය පෙන්වන වෙලාවක් නෙමෙයි, මේක හදවත දිනාගන්න ඕන වෙලාවක්.
මේකත් පැහැදිලි කරගම්මු, අපිට ඕන්නැහැ මිනිස්සු කරුණාවන්තකම දුර්වල කමත් එක්ක පටල ගන්න එක, ඒත් අපිට ඕන්නෑ මෝඩකම විසින් අපි කරගෙන යනදේ විනාස කරන එකත්.

උඹට කියන්න දෙයක් නැත්තං ෆොරෙස්ට්ගම්ප් එකේ වගේ නොකිය හිටපන්. මොකද ඒක තමයි නායකත්වයේ ප්රධාන ලක්ෂණය. මේක වෙන කවරදාකටත් වැඩිය අපිට නායකත්වයක් ඕනවෙලා තියෙන වෙලාවක්. කණගාටුදායකයි..! අපි චන්දෙ දුන්නත් නැතත් ඔබ අපේ ජනාධිපති. මේක තමයි ජනාධිපතිත්වය පෙන්නන්න තියෙන වෙලාව, නිකං ආධුනිකයෙක් වෙන්න හදන්න එපා, මේක හොලිවුඩ් නෙමෙයි.මේක අපේ ඇත්ත ජීවිතය.

මම ඇමරිකානු ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙ අපිත් එක්ක එකතුවෙන්න, හදවතට ඇහුම්කන් දෙන්න, අපි එකට එකතුවෙලා මේකට චන්දෙදි උත්තරදෙමු.
අද ඔය ඔය එලියෙ ගඩොල් පාවිච්චි කරන මිනිස්සු හරියට තමංගෙ චන්දෙ පාවිච්චි කරපු නැති එකේ ප්රතිඵල තමයි අපි මේ භුක්තිවිඳින්නෙ. මේක ඇත්තටම පොලීසියෙ ප්රශ්ණයක් නෙමෙයි මේක ආහාර, සෞඛ්ය, අධ්යාපනයේ ඉඳලා හැමදෙයක්ම දක්වා විහිදෙන මේරටේ තියෙන සමාජ අසමානතාවයේ ප්රශ්ණයක්..
කරුණාකරලා මේකට ඔය විදිහට ප්රතිචාර දක්වන්න එපා අපි එකිනෙකා වැලඳගමු, වෛරය පරාද කරන්න තියෙන එකම ක්රමය තමයි ආදරය. අවධානයෙන් ඉන්න.. චන්දයෙදි උත්තරදෙමු!

දිනිෂ් පෙරේරා

leave a reply