Tag: aswasuma

  • අස්වැසුම ගෙවීමේදීත් වැරදිලා

    අස්වැසුම ගෙවීමේදීත් වැරදිලා

    අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසකට අප්‍රේල් මාසයට අදාළ දීමනාව දෙවරක් ගෙවා ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පිළිගෙන තිබේ.

    එම අමාත්‍යංශයේ ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවලගෙදරගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ‘අතපසුවීමකින් slip file එකක් දෙවරක් උඩුගත වීමෙන්’ මෙම දෝෂය සිදුවී ඇති බව ය.

    ‘සේවයේ අවශ්‍යතාව මත තොරතුරු තාක්ෂණ අංශය සහ මූල්‍ය අංශය ඉතාමත් කෙටි කාලයක් තුළ අමතර විශේෂ දීමනා ගෙවීමට අදාළ ප්‍රතිලාභී පවුල් ලක්ෂ 17කට ආසන්න ලේඛනයක් සකස් කරන ලදී. එය slip ලිපිගොනු 90,000ක ධාරිතා මට්ටමින් කාණ්ඩ කර ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ බැංකු ගිණුම් ක්‍රියාත්මක වන ලංකා බැංකුවට උඩුගත කරනු ලැබී ය. එහිදී අතපසුවීමකින් slip file එකක් දෙවරක් උඩුගත (upload) වී ඇත. එහිදී දුප්පත් ප්‍රතිලාභී කාණ්ඩයේ ද්විත්ව ගෙවීමක් සිදුවී ඇති බව අනාවරණය වූ අතර, ක්ෂණිකව ක්‍රියාත්මක වූ ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය ද්විත්ව ගෙවීම slip file සඳහා අදාළ ගෙවීම් අත්හිටුවා එම මුදල් මණ්ඩලයේ බැංකු ගිණුමට ආපසු බැර කරන ලෙස බැංකුව වෙත දන්වන ලදී. අප්‍රේල් ද්විත්ව ගෙවීම අත්හිටුවීමට පෙර ප්‍රතිලාභීන් විසින් ඔවුන්ගේ ගිණුම්වලින් මුදල් ලබා ගැනීම හේතුවෙන් අය කර ගැනීමට නොහැකි වූ ප්‍රතිලාභීන් 49,759කගේ රුපියල් 248,795, 000ක මුදල් 2026 මැයි මාසයේ අස්වැසුම ගෙවීමෙන් අය කර ගැනීමට කටයුතු සැලසුම් කර ඇත,’ යනුවෙන් අදාළ නිවේදනයේ දැක්වේ.

    එම මණ්ඩලයේ අදහස වන්නේ එම මුදල් නැවත අයකර ගත හැකි බවයි.

    උත්සවය සමය සලකා අප්‍රේල් මස අස්වැසුම දීමනාව රජය විසින් ඉහළ දමනු ලැබූ අතර ඒ අනුව රුපියල් 17500 අස්වැසුම් මුදල රුපියල් 7500කින් ඉහළ දමනු ලැබූ අතර එම ප්‍රතිලාභීන්ට අප්‍රේල් මාසයේ දී රුපියල් 25000ක් ගෙවනු ලැබී ය.

    ඊට අමතරව රුපියල් 10000 අස්වැසුම් මුදල රුපියල් 5000කින් ඉහළ දමා රුපියල් 15000ක් ‍ලෙසත් රුපියල් 5000 අස්වැසුම් මුදල රුපියල් 2500කින් ඉහළ දමා රුපියල් 7500ක් ‍ලෙස වැඩි කර අප්‍රේල් මාසයට පමණක් ප්‍රතිලාභ ගෙවනු ලැබී ය.

    අප්‍රේල් මාසයට පමණක් ගෙවනු ලබන එම දීමනාව ගෙවීමට රජය රුපියල් මිලියන 8500ක අතිරේක මුදලක් වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබිණි.

    රී ලංකාව ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 2කට වැඩි මුදලක් වෙනත් පාර්ශවයකට ගෙවීම පිළිබඳව අනාවරණයෙන් වීමෙන් පසුව රජය විසින් මුදල් ගෙවීමේදී සිදුව ඇති අක්‍රමිකතා කිහිපයක් ම අනාවරණය විය.

    කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පසුගිය දිනක මාධ්‍ය වෙත කියා සිටියේ තැපැල් දෙපාර්තුමේන්තුව ද එලෙස ඇමෙරිකානු තැපැල් දෙපාර්තුමේන්තුවට ගෙවිය යුතු ඩෙලර් ලක්ෂ 6කට වැඩි මුදලක් වෙනත් පාර්ශවයකට ගෙවා ඇති බව ය.

    එමෙන් ම, මාර්ග අධිකාරිය විසින් කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවීමක් වැනි රාජ්‍ය ආයතන සහ අමාත්‍යංශ විසින් මුදල් ගෙවීමේදී සිදුව ඇති අක්‍රමිකතා කිහිපයක් පසුගිය දිනවලදී අනාවරණය විය.

  • ලැජ්ජාවිය යුත්තේ අස්වැසුම ප්‍රතිලාභීන්ද?

    ලැජ්ජාවිය යුත්තේ අස්වැසුම ප්‍රතිලාභීන්ද?

    කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඊයේ පැවසුවේ අස්වේසුම ප්‍රතිලාභීන් ලැජ්ජා විය යුතු බවත් එය “නීත්‍යානුකූල හිඟමනක්” බවත්ය.

    අමාත්‍යවරයා අවධාරණය කළේ දරිද්‍රතාවය තුරන් කිරීම දිගුකාලීන සුභසාධන යෝජනා ක්‍රම මත නොව තිරසාර විසඳුම් සෙවීම මත රඳා පැවතිය යුතු බවයි.

    “අස්වේසුම ප්‍රතිලාභීන් ලැජ්ජා විය යුතුයි. එය නීත්‍යානුකූලව හිඟමනට වැටීමක් වගේ. අපට ජාතියක් ලෙස දියුණු වීමට අවශ්‍ය නම්, අපි මෙම යැපුම් මානසිකත්වයෙන් ඉවත් විය යුතුයි,” හඳුන්නෙත්ති පැවසීය.

    අස්වේසුම වැඩසටහන දිගටම කරගෙන යාමට හෝ එය දේශපාලන සටන් පාඨයක් ලෙස භාවිතා කිරීමට රජයට කිසිදු අදහසක් නොමැති බව ඔහු තවදුරටත් පැවසීය.

    අස්වැසුම ව්‍යාපෘතිය යනු ආර්ථික අර්බුදය විසින් දුප්පත්කමේ පතුලටම ඇද දමා ඇති පිරිසක් ඉල්ලක්ක කරගෙන ක්‍රියාත්මක සහනාධාර ව්‍යාපෘතියකි. එය ක්‍රියාත්මක වෙන්නේ මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා අනුවයි. මූල්‍ය අරමුදලේ අදහස වන්නේ ආර්ථික අර්බුදයෙන් බැටකන බහුතර ජනතාවකට සහන සලසන බදු අඩුකිරීම වැනි වැඩපිළිවෙලක් වෙනුවට දුප්පතුන් කොටසක් තෝරාගෙන ඔවුන්ට නොමැරී සිටිය හැකි පරිදි සොච්චමක් ලබාදීමයි. ආණ්ඩුව එය හිඟමනක් ලෙස සලකන්නේ මූල්‍ය අරමුදලට විරුද්ධව යමින් තමන් මැතිවරණයේ පොරොන්දු වූ පරිදි විදුලි බිල් අඩුකර, සමහර භාණ්ඩ සඳහා බදු බිංදුවේ අගයකට ගෙන එමින් කටයුතු කිරීමට තිබුණි. නමුත් ආණ්ඩුව තෝරාගත්තේ ජනතාවට බර පටවන සුළු පිරිසකට සහන සැලසෙන ක්‍රමයයි. දැන් නැවතත් ජනතාවගේ තෝරාගැනීමක් නොවන අස්වැසුම ලබාගැනීම සම්බන්ධයෙන් ජනතාවට දොස් ඇසීමට සිදුව ඇත.

    එපමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව යනවිට දේශීයව ආර්ථිකය ගොඩනැංවීමට නොහැකි බව සහ තව තවත් දුප්පතුන් වැඩිවීම සිදුවන බව හඳුන්නෙත්ති නොදන්නවා විය නොහැක. එසේනම් ලැජ්ජාවිය යුත්තේ දුප්පත්කම පවත්වාගෙන යන වැඩපිළිවෙලක් අනුගමනය කරමින් බොරු පම්පෝරි ගසන හඳුන්නේත්තිලා නොවේද?

  • අතපය හතරේ කතාව

    අතපය හතරේ කතාව

    අතපය හතර කියන්නේ “හම්බුකරන් කන්න තියෙන හැකියාව” මනින සර්ව සාධාරණ නිර්ණායකයක් නෙවෙයි. අතපය හතර තිබ්බට තව ශාරීරික ලෙඩ රෝග තියෙන මිනිස්සු ඉන්නවා. තමන්ගේ පවුලේ, හිතවතුන්ගේ ජීවිත වල වගකීම කරට ගත්ත මිනිස්සු ඉන්නවා. ජීවිතේ අමිහිරි අත්දැකීම් හෝ වෙනත් කාරණා නිසා මානසික පීඩාවන්ට ලක්වෙලා ඉන්න මිනිස්සු ඉන්නවා. කෑම, පිරිසිදු වතුර, ඉහට වහළක්, අධ්යාපනය, සෞඛ්ය පහසුකම් වගේ මූලික අවශ්යතා ලබාගන්න එක හැමදාම අභියෝගයක් වෙච්ච මිනිස්සු ඉන්නවා.
    සරලවම කිව්වොත් අතපය හතර ඇර වෙන මොනවත්ම නැති මිනිස්සු ඉන්නවා.
    ඒ මිනිස්සුන්ගේ ජීවිත දිහා ඈත ඉඳන් පටු කෝණ වලින් බලලා ඒ අයගේ හැකියාවන්, එයාලා කලයුතු දේවල්, එයාලට උදව් අවශ්ය නෑ කියලා තීරණය කරන්න අපිට බෑ. ඒ ඔවුන්ගේ ජීවන අත්දැකීම්, ඔවුන් විඳපු, විඳින ශාරීරික හා මානසික පීඩාවක් දන්නේ ඔවුන් විතරක්ම නිසා.
    මේ කියන්නේ සුබසාධන ක්රමවේද වල වැරදි අඩුපාඩු නැති බව වත්, ඒවා නිවැරදි විය යුතු නෑ කියලවත් නෙවෙයි. වංචාකාරීව සුබසාධන මුදල් හොරාකෑම නවත්තන්නම ඕනේ. ඒත් මේ කියන්නේ ඒත් එක්කම මතුවෙන අසංවේදී තර්කයක් ගැන.
    රටේ පාලකයෝ හොරකමින්, වංචාවෙන් හිතාමතාම රටේ ආර්ථිකය කඩා වට්ටලා දුප්පත් මිනිස්සු පිට බර පටවද්දි පුලුවන්නම් ජීවත් වෙයව්, නැත්නම් මැරිලා පලයල්ලා කියන සමාජයක් දියුණු වෙයි කියලා හිතන්න බෑ. දියුණු සමාජයක් ගොඩ නගන්න නම් අපි කරන්න ඕනෙ ඔවුන්ට ජීවිතය දිනන්න තියෙන බාධක ඉවත් කරන්න රජය පොළඹවන එක මිසක් ඔවුන්ට ලැබිය යුතු සහනාධාර ඉවත් කරන්න කියලා බල කරන එක නෙවෙයි.
  • මිනිස්සු සහනාධාර අරගෙන සල්ලි පොලියට දෙනවා – අතපය හතර තියාගෙන පිනට කන සමන් රත්නප්‍රිය කියයි

    මිනිස්සු සහනාධාර අරගෙන සල්ලි පොලියට දෙනවා – අතපය හතර තියාගෙන පිනට කන සමන් රත්නප්‍රිය කියයි

    සහනාධාරයට නම දාගෙන මාස හයකට අවුරුද්දකට පසු ඒ මුදල් පොලියට දෙන පිරිසකුත් ඉන්න බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසා තිබේ.

    සමෘද්ධි සහනාධාර ක්‍රමයේ විවිධ ප්‍රශ්න තිබූ බව හැමදෙනාම දන්නා බවත් ලක්ෂ දාහතක පිරිසක් සමෘද්ධි සහනාධාරය ලැබු අතර ඒ අතර සමෘද්ධි සහනාධාරය නොලැබිය යුතු පිරිසක් සිටින බවද ඔහු සඳහන් කර ඇත.

    පසුගිය වසරේ ඇති වූ ආර්ථික අර්බුදය සමඟ දුප්පත් බවට පත්වූ ප්‍රතිශතය ඉහල ගිය බවද ලක්ෂ පහකට වැඩි පිරිසකගේ රැකියා අහිමි වූ අතර ඒ පිරිස එම තත්ත්වයෙන් මුදවා ගැනීමට අස්වැසුම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළ බව රත්නප්‍රිය පවසා තිබේ.

    රත්නප්‍රිය පවසන ආකාරයට දුප්පතුන් වැඩිවී ඇත්නම් කළයුතු වන්නේ සහනාධාර කපා දැමීම නොව සහනාධාර වැඩිකිරීමයි.

    අනිත් අතින් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් නමින් බොරු තනතුරු නිර්මාණය කර ජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් සිටින සමන් රත්නප්‍රියලා ජනතා අරමුදල් ගැන කිඹුල් කඳුළු හෙළීම නම් විහිළුවකි.