Breaking News

අපේම සල්ලිවලින් අපිට ගහන හැටි

පෙරේදා (05)සහ ඊයේ(06) දින දෙකේදීම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු පිවිසුම අසළ පැවැත්වූ විරෝධතාවය සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් එල්ල කිරීම සඳහා අලුත්ම වර්ගයේ කඳුළු ගෑස් වර්ගයක් යොදාගැනීම ගැන කතා බහක් ඇතිව තිබේ.

සමාජ මාධ්‍ය හරහා අනාවරණය කර තිබූ තොරතුරු අනුව එම එක කදුළු ගෑස් එකක මිල ඩොලර් 50කි. ඒ අනුව ආසන්න වශයෙන් රු 18750ක් පමණ වේ.

ඊට අමතරව අද දිනයේ නවතම ජල ප්‍රහාරක රථයක් ද ආනයන කිරීමට පියවර ගෙන ඇති බව සමාජ මාධ්‍යවල දැක්වේ.

මෙහිදී බොහෝදෙනෙක් ප්‍රශ්න කර සිටින්නේ අත්‍යවශ ඖෂධ ගෙන්වීමට, තෙල්, ගෑස් ගෙන්වීමට මුදල් නැතැයි කියන ආණ්ඩුව ජනතාව මර්දනයට නොමසුරුව මුදල් වියදම් කරමින් සිටින බවයි.

මෙහිදී අප අමතක නොකළ යුතු දෙයක් වන්නේ මේ අනුව 2022 වසරේ අයවැයෙන් ආරක්ෂක වියදම් පසුගිය වසරට වඩා බිලියන 10න් ඉහළ නැංවූ බවයි. පසුගිය වසරේ ආරක්ෂක වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 373 ක් වෙන්කර තිබුණි.

නමුත් මේ වසරේ සෞඛ්‍ය සඳහා වෙන් කර තිබුනේ රුපියල් බිලියන 153.5ක් පමණි. එය පසුගිය වසරට සාපේක්ෂව බිලියන 06ක පමණ අඩුවීමකි.

දැන් කරුණු හොදටම පැහැදිලි විය යුතුය. රට තුළ කොවිඩ් තත්ත්වය සම්පූර්ණයෙන් පහව ගොස් නැති කාලයක පමණක් නොව ඖෂධ හිඟයක් නිර්මාණය වෙමින් තිබෙන බව හොදින් දැන සිටියදී පවා ආණ්ඩුවට ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් මුදල් යෙදවීම ගැන වගේ වගක් නොතිබුණි. ඒ වෙනුවට අයිතීන් ඉල්ලන ජනතාව මර්දනයට වසර මුලදී සිට සැදී පැහැදී සිටින ලදී. අප මුහුණ දැන් මුහුණ දෙමින් සිටින්නේ එම තත්ත්වයටයි.

අනෙක් අතට මේ ජනතාව මර්දනයට යොදවන මුදල් ගෝඨාභය රාජපක්ෂලා ගෙදරින් එනකොට රැගෙන ආ ඒවා නොව ජනතාවගේ බදු මුදල් වේ. ඒ අනුව මෙය අපේම සල්ලිවලින් අපිටම කෙළවිමකි.

leave a reply