ඉතාලියේ බෙර්ලූස්කෝනි ආණ්ඩුව 2001 2006 කාලය තුල තම මුලූ නිල කාලය ගෙවූ ආණ්ඩුවක් විය. එම වකවානුව තුල පත්වූ බොහෝ ආණ්ඩු අතර මග ඇදවැටෙන ප‍්‍රවනතාවයක් පැවති අතර බෙර්ලූස්කෝනි ආණ්ඩුවට ඒ ඉරණම අත් නොවීය. ඊට බලපෑ ප‍්‍රධාන හේතු දෙකක් විය එකක් ඉන් පෙර බලය තහවුරු කරගෙන තිබුන වමේ දුර්වල වීම හා බෙර්ලූස්කෝනිගේ දක්ෂිණාංශික කඳවුර සමග ජාතිකවාදී බොස්සි ප‍්‍රමුඛ ලේග ලොම්බාර්ද පක්ෂය හා ෆැසිස්ට්වාදී ප‍්‍රවනතාවයක් සහිත මුසොලීනිගේ පක්ෂයෙන් බිහිවුනු ෆීනිගේ නායකත්වයෙන් යුත් අලෙයන්ස නසියොනාලෙ පක්ෂ සමග සන්ධාන ගතව තරග කිරීමයි.
කෙසේ නමුත් ඒ වන විට බෙර්ලූස්කෝනි මාධ්‍ය ආයතන කීපයක හිමිකරුවා වූ අතර කල පලමු කාර්යය වූයේ එවකට ප‍්‍රබල මාධ්‍යක් ලෙස කටයුතු කල රාජ්‍ය රූපවාහිනී මාධ්‍ය ජාලය වූ රායි 1/2/3 දුර්වල කර තම ආයතනික බලය වර්ධනය කර ගැනීමයි. ඒ සඳහා ඔහු කල පලමු කාර්යය වූයේ එතෙක් පැවති මාධ්‍ය පනත් සංසෝධනය කිරීමයි. එහිදී රාජ්‍ය දැන්වීම් ලබා දීමේදී රාජ්‍ය මාධ්‍ය වෙත ප‍්‍රමුඛතාවය ලබා දිය යුතුය යන වගන්ති වෙනස් කිරීමයි. එතැන්සිට ආණ්ඩු බලය යොදාගෙන තම ආයතන වලට රාජ්‍ය දැන්වීම් ලබා ගනිමින් ඉහල ආදායම් ලැබනවාට අමතරව රාජ්‍ය මාධ්‍ය දුර්වල කෙරුණි. මේ ආකාරයෙන් ධනපතියන්ට වාසි දායක කම්කරුවන් පීඩාවට ලක්කරන බොහෝ දේ සිදුවිය. කම්කරු හා වෙනත් අරගල බොහෝ සිදු වුවත් ස්ථාවර අණ්ඩුවේ ආයුකාලය සම්පුර්ණ කරන්න බෙර්ලූස්කෝනි ආණ්ඩුව සමත් විය. ඒවා එකින් එක සටහන් කරන්නට ගියහොත් මේ ලිපිය බෙහෝ දීර්ග විය හැක.
විදේශිකයින් ලෙස අපට මුහුණදීමට සිදුවූයේ කුමන තත්වයකටද කියා විමසා බැලීම වටී.
බොස්සි ෆීනි නීතිය ස්ථාපිත කිරීම
විශේෂයෙන්ම විදේශිකයින් සම්බන්දයෙන් වූ තුර්කෝ නපොලෙතානෝ නීතිය වෙනස් කරමින් ඒ වෙනුවට බොස්සි ෆීනි නීතිය සිථාපිත කිරීමයි. එයින් එතෙක් විදේශිකයා බුක්තිවිඳි බොහෝ අයිතිවාසිකම් අහිමි කරන ලදී. ඒ අතර ප‍්‍රධාන වූයේ පෙර්මෙස්සෝ දි සර්ජෝර්නෝව එනම් ඉතාලිය තුල රැඳී සිටීමේ බලපත‍්‍රය වෙනුවට එය ඉතාලිය තුල රැකියා කිරීමේ බලපත‍්‍රය ලෙසට පරිවර්ථනය කිරීමයි. ඉන් සිදුවූයේ අදාල අවසර පත‍්‍රය ලබා ගැනීමේ මූලික සුදුසුකම් පම්පූර්ණ කල පසු ඉතාලිය තුල රැඳී සිටීම තහවුරු කිරීමේ ලේඛණ ඉදිරිපත් කිරීම ප‍්‍රමානවත් වුවත් ඔවුන් කල සංසෝධනයෙන් පසු එය අනිවාර්යයෙන්ම රැකියා කොන්ත‍්‍රාත්තුවක් සමඟ සම්බන්ද කෙරුනි. එනම් එතැන් සිට කොන්ත‍්‍රාත්තෝ දි සර්ජෝර්නෝව අනිවාර්යය කෙරුනි. එසේ නෙැමැති අයට හය මසක කාලයකට සර්ජෝර්නෝව නිකුත් කල අතර එම කාලය තුල රැකියා කොන්ත‍්‍රාත්තුව අනිවාර්යය විය. එයද නොහැකි වූ බොහෝ අයට ඉතිරි වූ විකල්පය වූයේ කව්රුන් හෝ බාරකරුවෙකු ඉදිරිපත් කිරීමයි. මෙසේ නීති වෙනස් කිරීම ඔවන්ගේ පැත්තෙන් සාධාරණීය කලාට ඉන් විදේශිකයා ලබන පීඩනය අප කාටත් තේරුම් ගත හැකිය.
බොස්සි ෆීනි කල තව කරුණක් වූයේ එතෙක් විදේශ ශ‍්‍රමිකයෙකුගේ වැටුපෙන් කපා ගන්නා දායක මුදලින් ඔහු හෝ ඇය සර්ජෝර්නෝව බාරදී ආපසු නොඑන්නට ඉතාලියෙන් පිටමන් වෙන අවස්ථාවේ යම් ප‍්‍රතිශතයක් ආපසු ගෙවීමේ පෙර පැවති අවස්ථාව අහිමි කිරීමයි. ඉන් පසු එයට හිමිකම් කීමට හැකි වූවේ විශ‍්‍රාමික වයස සම්පූර්ණ වූ විටය. ඒ අනුව බෙහෝ දෙනෙකු එක්කෝ ඉතාලිය හැර ගොස් නැතිනම් මියගොස් ඇති තත්වයක් තුල ඉතාලි රජයට විශාල වාසියක් ඉන් අත්පත් විය.
ඊලග කරුණ වන්නේ වීසා නැති අය ඉතාලියෙන් පිටුවහල් කිරීමේ නීති බල ගැන්වීමයි. එතෙක් සිදුවූයේ එවන් අයෙකු අසුවූ පසු රට හැර යන ලෙසට සඳහන් කොලයක් නිකුත් කිරීම පමනි. එහෙත් බොස්සි ෆීනි නීතිය මගින් වීසා නැති අය වෙනුවෙන් එතෙක් පැවති රැකවරණ මධ්‍යස්ථාන වෙනුවට ඒවා රැඳවුම් මධ්‍යස්ථාන බවට පත්කර වීසා නොමැති අයගේ අනන්‍යතාවය තහවුරු කරගත් පසු ඔවුන් ඒ අය පැමිනි රටවලට පිටුවහල් කිරීමට කටයුතු කිරීමයි. ඒ වෙනුවෙන් ගුවන්යානා වෙන්කර ඒ දක්වා විදේශිකයා යොමුකිරීමේ ක‍්‍රියාවලිය පොලිසියට පැවරුනි. එවන් මධ්‍යස්ථාන වල පැවති පීඩා කාරී තත්වයන් අමානුෂික වදදීම් හේතුවෙන් ඒවායෙහි සමහරුන් මිය ගිය අතර එයින් පැනයාමට තැත්කිරීමේදී සිදුවු අවාසනාවන්ත සිදුවීම්ද අපට අමතක නැත. විශේශයෙන්ම එම වකවානුව තුලදී අප විශාල විරෝධතාවයන්ට සහභාගීවූ අත්දැකීම්ද බොහෝ ඇත. එමෙන්ම පසුකාලීනව යුරෝපා සංගමයද මැදිහත්ව වෙනස් කරන්නට කටයුතු කල සරණාගත නීතිය බොස්සි ෆනි යටතේ ක‍්‍රියාත්මක වූයේ ඉතා අමිහිරි අත්දැකීම් රාශියක් එක්කරමිනි. නැව් බෝට්ටු මගින් පැමිනෙන්නන් බාර නොගෙන ජාත්‍යන්තර මුහුදට තල්ලූකිරීමේ උත්සහයන් වලදී කුඩා දරුවන්ද සමග බොහෝ පිරිස් මුහුදුබත් වූ අවස්ථාවන් මෑතක් වන තුරුම සිදුවිය එහි ආරම්භක නීති පැනවූයේ බොස්සි ෆීනි මගින් බවද අමතක නොකල යුතු වෙමු.
එමෙන්ම දේශපාලන රැකවරණ ඉල්ලූම් කරුවන්ට එතෙක් තිබූ සහනදායී තත්වය වෙනස් කරමින් දැඩි කොන්දේසි එකතු කල අතර මුහුදේදී විපතට පත්වන්නන් ගලවා ගැනීම සඳහා කටයුතු කරන රාජ්‍ය නොවන ආයතන හෝ ස්වෙච්ඡුා කණ්ඩායම් ද සංක‍්‍රමිකයින්ට පහසුකම් සපයන්නන් ලෙස නාමකරණය කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම් නැව් බෝට්ටු පවරාගැනීම් ආදී ලෙස ඊට කෙරෙන මැදිහත්වීම් දැඩි කල අතර ඉන් කොපමන ජීවිත ප‍්‍රමානයක් විනාශ වුනාදැයි නොදනිමු. එමෙන්ම වත්මන් ආණ්ඩුව තුල නියෝජනය කරන ලේග ලොම්බාර්ද පක්ෂයේ වත්මන් නායක මතෙයෝ සල්වීනිද එම බලහත්කාරයම ඉදිරියට ගෙන යන්නටත් දේශපාලන රැකවරණ නොලැබෙන පිරිස් පිටුවහල් කිරීමට බාධාවක්ව පවතින ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ නීතිය අවලංගු කිරීමට දැඩි වෙහෙසක් දරමින් සිටින අතර පසුව යුරෝපා එකගතාවය තුල වෙනස් වූ පිටුවහල් කිරීමේ නීතියද නැවත බලාත්මක කරන්නට වෙහෙද දරයි.
බදු පැහැරහැරීම් වංචා දූෂණ වලට අමතරව රාජ්‍ය බලය යොදාගෙන නඩු කටයුතු මගහැරීම් සහ ළමන්ට වාසි ලෙස පනළ් වෙනස් කිරීම් වැනි ක‍්‍රියා වලට අමතරව විදෙස් සංක‍්‍රමණිකයින් සම්බන්දයෙන් ගත් යහපත් ක‍්‍රියාමාර්ගයක් වූයේ ෆ්ලූස්සි නීතිය හඳුන්වා දීමයි. එහි වැඩි අවධානය යොමුවුනේ නීති විරෝධී සංක‍්‍රමණිකයින්ගේ පැමිනීම අවම කිරීමයි.
වසරකට යම් කෝටා ප‍්‍රමානයකට රැකියා වීසා නිකුත් කිරීම.
ඉතාලිය හා සෙසු රටවල් සමඟ මෙම කරුණට අදාල ද්වීපාර්ෂික ගිවිසුම් වලට එළඹීම.
තමන්ගේ රටවලින් නීතිවිරෝධී සංක‍්‍රමණිකයින් පැනයාම අවම කිරීම සඳහා කටයුතු කරන රටවලට ආධාර කිරීම.
මැදපෙරදිග කලාපයේ විශේෂයෙන් ලිබියාවේ රැුඳවුම් මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා කටයුතු කිරීම.
හමුදාව පොලිසිය යොදාගෙන ජාතික හා ජාත්‍යන්තර මුහුදේ නිරීක්ෂණ හා පලවාහැරීමේ කටයුතු වැනි ක‍්‍රියාමාර්ග ඊට ඇතුලත් විය.
ෆ්ලූස්ලි නීතිය අනුව නීති විරෝධී සංක‍්‍රමණය එය නිසි ලෙස ක‍්‍රියාත්මක වූ වසර වලදී යම් පමනකට සීමා වුවද මේ මොහොත වන විට එය නැවත වර්ධනය වෙමින් තිබේ. කෙසේ නමුත් දිවීපාර්ශික ගිවිසුම් අත්සන් කල රටවලට ලැබෙන කෝටාවට අදාලව ලංකාවටද වසරකට වීසා 3000ක පමන අවස්ථාවක් වසර කීපයකට හිමිවිය. බෙර්ලූස්කෝනි වෙත යම් ප‍්‍රසාදයක් හිමිවේ නම් ඒ මෙම වීසා අවස්ථාවන් ලැබා දීම නිසා වේ. එහිදී අප මතක තබා ගත යුතු කරුණක් වන්නේ ඉතාලිය ප‍්‍රමුඛ යුරෝපයේ විශේෂයෙන්ම ආර්ථික කටයුතු වෙනුවෙන් ශ‍්‍රමිකයින් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් ඒ ඒ රටවල් තමන්ගේ වූ ක‍්‍රමවේද අනුගමනය කරයි. විශේෂක කාරණය වන්නේ ඉතාලියේ පිහිටීම අනුව නීති විරෝධී ලෙස ඇතුලූවීම කිසිසේත්ම පාලනය කල නොහැක්කක් මෙන්ම එය යුරෝපා පිවිසුම් දොරටුව ලෙසද හඳුනාගත යුතුය. එහිදී වම දකුණ ඔය මොන ආණ්ඩුවට වුවත් සංක‍්‍රමණික ගැටලූවට මුහුණදීමට වීම අනිවාර්යය දෙයකි. අනෙක් කරුණ වන්නේ විදෙස් ශ‍්‍රමිකයින්ගේ දායකත්වයෙන් තොරව යුරෝපයේ බොහෝ රටවල ආර්ථාකය පවත්වාගෙන යාමටද ඔවුන්ට නොහැකි බවයි. ඒ නිසා විදෙස් සංක‍්‍රමණිකයින්ට ලැබෙන අවස්ථාවන් ඔවුන්ගේ අනුකම්පාවට ලැබෙන්නක් නොවන බවත් අප වටහා ගත යුතු වෙමු
විශේෂයෙන්ම ආණ්ඩු දක්ෂිණාංශිකද වාමාංශිකද යන්නට වඩා අප තේරුම්ගත යුතු තව කරුණක් වන්නේ වැඩකරණ ජනතා අයිතිවාසිකම් හැම විටම පාලකයින් විසින් බන්දේසි මත තබා පූජා කර නැති අතර ඒවා ජනතා අරගලවලින් දිනාගත් ඒවාබව අප අවධාරණය කල යුතුව ඇත.