ටෙලිකොම් විකිණීමෙන් තර්ජනයට ලක් වෙන්නේ ජාතික ආරක්ෂාව විතරද?

ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට ආණ්ඩුවේම ආංශික අධීක්ෂණ කාරක සභාව පැවසීම සම්බන්ධයෙන් මේ වනවිට සංවාදයක් ඇතිව තිබේ.

කෙසේවෙතත් ටෙලිකොම් විකිණීම අනුමත නොකරන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කළ නිර්දේශය පිළි නොගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වී ඇත්තේ රජය ව්‍යපාර කිරීමෙන් බැහැරව එම අවස්ථාව පෞද්ගලික අංශයට ලබා දිය යුතුය යන්න වත්මන් රජයේ ප්‍රතිපත්තිය බැවින් ටෙලිකොම් විකිණීමේ තීරණය වෙනස් නොවන බවයි.

මේ සම්බන්ධයෙන් ටෙලිකොම් වෘත්තීය සමිති පවසන්නේ වෙනස්ම කතාවකි.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ටෙලිකොම් වෘත්තීය සමිති නායක ජගත් ගුරුසිංහ පැවසුවේ ටෙලිකොම් ආයතනය විකිණීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතිවීම පමණක් නොව රජයට ලැබුණු විශාල අදායමක් අහිමිවීමක් බවයි. 2021 වසරේ රජයට ලබාංශ සහ බදු මුදල් ලෙස මිලියන 25000ට ආසන්න මුදලක් ලබාදී තිබෙනවා. 2022 වසරේදී මිලියන 20000ට ආසන්න ලාභයක් ලබාදී තිබෙනවා.

ටෙලිකොම් වෘත්තීය සමිති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කර සිටින්නේ මෙම ආයතන විකිණීමෙන් පසු මෙම ආදායම වෙනුවෙන් ණය ගැනීමටද ලෑස්ති වන්නේද යන්නයි. එසේ නොමැතිනම් රටේ ජනතාව මත බදු පැටවීමටද සූදානම් වන්නේ යන්න වෘත්තීය සමිති ප්‍රශ්න කර සිටියි.

එසේම වෘත්තීය සමිති නායක ජගත් ගුරුසිංහ ප්‍රශ්න කර සිටින්නේ රජය ව්‍යාපාර නොකර පෞද්ගලික අංශය ව්‍යාපාර කළ යුතු බව සිතන්නේ නම් මේ වනවිට පෞද්ගලික සමාගම් කිහිපයක්ම බදු වංචා කරමින් විදේශවල සඟවා ඇති ඩොලර් බිලියන 40ක් පමණ මුදල නැවත ලබාගැනීමේ වැඩපිළිවෙල කුමක්ද යන්නයි.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...