මහීපාල හේරත්ට තියපු අත ඩඩ්ලිට තියන්න පරක්කු ඇයි?

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහිපාල හේරත් සිය බලතල නීති විරෝධී ලෙස භාවිත කරමින් සිය බිරිදගේ නමින් පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ ඉදි කර තිබූ හෝටලය කඩා ඉවත්කරගෙන තිබේ.

මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක සඳහන් කළේ මසක් ඇතුළත අදාළ ගොඩනැගිල්ල කඩා ඉවත් කරගන්නා ලෙසට හිටපු ආණ්ඩුකාර බිරිද වන අජන්තා රෑපසාරි හේරත් යන අයට පසුගිය මස 18 වැනිදා දැනුම් දී තිබූ බවයි.

පර්චස් හැටක භුමිභාගයක ඉදිකොට ඇති ගොඩනැගිලි එසේ කඩා ඉවත් නොකලහොත්, අදාළ ගොඩනැගිල්ල ඉවත් කරන ලෙස ප්‍රාදේශීයීය ලේකම්වරයා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණි.

රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වැව් රක්ෂිත මායිම් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලැබේ.

ඒ අනුව, පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතය මායිම් කිරීමේදී නීතිමය ලියකියවිල්ලක් නොමැතිව වැව් රක්ෂිතය තුළ හිටපු ආණ්ඩුකාර බිරිඳගේ නමින් හෝටලයක් ඉදිකර ඇති බව අනාවරණය වී තිබූ අතර, නීතිවිරෝධී ලෙස ඉදි කර ඇති එම හෝටලය කඩා දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව හිටපු ආණ්ඩුකාරවරයා විසින්ම සේවකයන් පිරිසක් යොදවා එම ඉදි කිරීම් කඩා දමා ඉවත් කර ගැනීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

වැව් රක්ෂිතයේ ඉදිකර තිබූ මෙම අනවසර ගොඩනැගිලි සදහා විදුලි බල මණ්ඩලය විදුලිය ද දී තිබෙන බව වාර්තා වේ.

ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ විසින් ජූලි 17 වෙනිදා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී හෙළිදරව් කළේ, දිවයින පුරා පිහිටි වැව් 23ක රක්ෂිත කලාප තුළ දේශපාලනඥයන් විසින් නාන තටාක සහිත හෝටල් පවා ඉදිකර ඇති බවයි.

මෙලෙස අනීතික ඉදිකිරීම් සිදුව ඇති වැව් 23හිම රක්ෂිත මායිම් නිවැරදිව සලකුණු කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ආණ්ඩුව පවසයි.

පසුගිය සමයේ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය වැව් රක්ෂිතයේ පිහිටි ඩඩ්ලි සිරිසේනට අයත් අරලිය හෝටලය ගැනද සංවාදයක් මතුවිය. එහිදී අවසානයේදී ඩඩ්ලි පැවසුවේ තමන්ගේ වැට පමණක් නීති විරෝධී සීමාවේ ඇති නිසා එය පමණක් කඩා ඉවත් කරන බවයි. නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් ගැත් පියවරක් ගැන සඳහන් වී නොමැත.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...