දෙමළ ජනතාව රැවටීම වෙනුවෙන් වූ රනිල්ගේ ‘ඉතිහාස පන්තිය’

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ තිබෙන ඉඩම් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා පුරාවිද්‍යා ප්‍රධානියාට ඉතිහාසය ‘ඉගැන්වීමෙන්’ පසු ඔහු ඉල්ලා අස්වී තිබේ.

පසුගියදා කුරුන්තුර්මලේ, නීරාවියඩි ඇතුළු ස්ථාන කිහිපයකම දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සමග ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් පැවැත්වු සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉඩම් සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන ලෙස මහාචාර්ය අනුර මනතුංගට තග දමනු දැකිය හැකිවිය.

සිව දේවාලයක් ද පිහිටි කුරුන්තුර් මලේ අලුතින් ඉදිකිරීම් සිදු නොකරන ලෙස අධිකරණ නියෝගයක් ද නොතකා එය සිංහල බෞද්ධ පුජා භූමියක් බවට පත් කිරීමට එරෙහිව කාලයක් තිස්සේ දෙමළ ජනතාව විරෝධය පළකරමින් සිටියි. වික්‍රමසිංහ ආණ්ඩුවේත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුරය දරන විදුර වික්‍රමනායක හමුදාව පිරිවරා ගොස් එතැන අලුතින් බෞද්ධ විහාරයක් ඉදි කිරීමට මුල පිරුවෙකි. ඊට අමතරව උතුරු නැගෙනහිර ඉඩම් පුරාවිද්‍යා ස්ථාන බව පවසමින් අත්පත්කරගෙන ඒවා විහාරස්ථාන හැදීම සඳහා ලබාදීම කලක සිට සිදුවන්නකි. ඊට අමතරව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අත්පත්කරගෙන නැති ඉඩම්වල පවා බුදු පිළිම තැන්පත් කරමින් බෝගස් හිටුවීම උතුරු නැගෙනහිර ප්‍රදේශවල දක්නට ලැබෙන විශාල ප්‍රශ්නයක් වී තිබේ. මේ සියල්ල සිදුවන්නේ හමුදාවේ ද සහයෝගය සහිතවයි. අපේ රටේ පුරා විද්‍යා ක්ෂේත්‍රය සිංහල බෞද්ධ උරුමය තහවුරු කිරීම වෙනුවෙන් ජාතිවාදී ලෙස කටයුතු කිරීම රහසක් නොවේ.

නමුත් මෙම සිදුවීමේදී මතුකළ යුතු වැදගත් කරුණක් වන්නේ රනිල් වික්‍රමසිංහට දෙමළ ජනතාවට ඉඩම් ලබාදීමට ඇතිවී තිබෙන හදිසි කැක්කුම ගැනයි. මෙම කැක්කුම නිකම්ම් පහළ වූවක් නොවේ. ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන පහළ වූවක් බව පෙනේ. උතුරු නැගෙනහිර ප්‍රදේශ හමුදා මැදිහත්වීමෙන් බෞද්ධකරණය කිරීම ගැටලුවකි. නමුත් රනිල් වික්‍රමසිංහ මේ වනතුරු ඒ වෙනුවන් කිසිවක් නොකරන ලදී. මාධ්‍ය ඉදිරියේ දෙමළ ජාතික සන්ධානයද ළඟ තබාගනිමින් රනිල් මේ කරන්නේ නාටකයකි. ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් දෙමළ ජනතාවගේ ඡන්ද ටික බිලීබා ගැනීම වෙනුවෙන් ගහන ගැටයකි.

Share post:

Popular

More like this
Related

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...

පාදුක්ක සිදුවීම ගැන පොලීසියෙන් ‘බබා පාට්’

පාදුක්ක ප්‍රදේශයේදී නිල අංක තහඩුව සවි කර නොතිබූ අලුතින්...

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට අද(04) ගෙන තිබේ. හිටපු අමාත්‍ය...