කුරා කූඹියෙකුට වුව වරදක් නොකළ මිනිසුන් මේ ලෝකේ නොමැත.

ගෝඨාභයගේ බිරිඳගේ ෆොටෝස් වලට කුරා කුහුඹුවෙකුට වත් වරදක් නොකළ ගැහැනිය කැයි ලියා පළ කරන අය දුටුවෙමි. ඇය රටේ ජනතාවට සාප කරනු ඇතැයි තවත් සමහරු බියට පත් වී සිටිති. මේවා දැක දැක FB උඩ යට යන මට. අසිත සිසිත දෙදෙනාගේ ඔලුව චප්ප කර මරා දැමූ ඡායාරූපය සිහියට නැගෙයි. ඒ අම්මලා කාට සාප කරනු ඇත්ද? ලලිත් කුගන් දෙදෙනාගේ දරුවන් කාට සාප කරනු ඇත්ද? එක්නැලිගොඩගේ දරුවන් බිරිඳ කාට සාප කරනු ඇත්ද?
ලසන්තගේ දරුවන් බිරිඳ කාට සාප කරනු ඇත්ද? අදටත් මරණ සහතිකයක් හෝ ඉල්ලා හඬා වැටෙමින් සිටින උතුරු නැගෙනහිර මවුපියවරු කාට සාප කරනු ඇත්ද? නිදහස් චතුරස්‍රයේ සී.සී.ටීවී ක්‍රියා විරහිත කර මරාදැමූ මාධ්‍යවේදියාගේ බිරිඳ දරුවන් කාට සාප කරනු ඇත්ද?
මහා මිනිමරුවෙකු ගේ බිරිඳකට වුව කුඩා කූඹියෙකුට වරදක් නොකර ජීවත් විය හැකිය??????
දෙකොටියකගේ හිරි මාස සූරාගෙන ස්වාමියා ගෙදරට ගෙනත් දෙන බත බුලතින්, ධනයෙන් තමන්ගේ දරුවන් රජුන් සේ ජීවත් කිරීමටද හැකිය.
කුරා කූඹියෙකුට වුව වරදක් නොකළ මිනිසුන් මේ ලෝකේ නොමැත.
වැරදි දැක දැක ඇස් පියා සිටින මිනිසුන් ඕන තරම් සිටී.
වැරදි මතින් උපයන ධනයෙන් බතබුලතින් තමන්ගේ ජීවිතය සරිකර ගනිති.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...