කුරා කූඹියෙකුට වුව වරදක් නොකළ මිනිසුන් මේ ලෝකේ නොමැත.

ගෝඨාභයගේ බිරිඳගේ ෆොටෝස් වලට කුරා කුහුඹුවෙකුට වත් වරදක් නොකළ ගැහැනිය කැයි ලියා පළ කරන අය දුටුවෙමි. ඇය රටේ ජනතාවට සාප කරනු ඇතැයි තවත් සමහරු බියට පත් වී සිටිති. මේවා දැක දැක FB උඩ යට යන මට. අසිත සිසිත දෙදෙනාගේ ඔලුව චප්ප කර මරා දැමූ ඡායාරූපය සිහියට නැගෙයි. ඒ අම්මලා කාට සාප කරනු ඇත්ද? ලලිත් කුගන් දෙදෙනාගේ දරුවන් කාට සාප කරනු ඇත්ද? එක්නැලිගොඩගේ දරුවන් බිරිඳ කාට සාප කරනු ඇත්ද?
ලසන්තගේ දරුවන් බිරිඳ කාට සාප කරනු ඇත්ද? අදටත් මරණ සහතිකයක් හෝ ඉල්ලා හඬා වැටෙමින් සිටින උතුරු නැගෙනහිර මවුපියවරු කාට සාප කරනු ඇත්ද? නිදහස් චතුරස්‍රයේ සී.සී.ටීවී ක්‍රියා විරහිත කර මරාදැමූ මාධ්‍යවේදියාගේ බිරිඳ දරුවන් කාට සාප කරනු ඇත්ද?
මහා මිනිමරුවෙකු ගේ බිරිඳකට වුව කුඩා කූඹියෙකුට වරදක් නොකර ජීවත් විය හැකිය??????
දෙකොටියකගේ හිරි මාස සූරාගෙන ස්වාමියා ගෙදරට ගෙනත් දෙන බත බුලතින්, ධනයෙන් තමන්ගේ දරුවන් රජුන් සේ ජීවත් කිරීමටද හැකිය.
කුරා කූඹියෙකුට වුව වරදක් නොකළ මිනිසුන් මේ ලෝකේ නොමැත.
වැරදි දැක දැක ඇස් පියා සිටින මිනිසුන් ඕන තරම් සිටී.
වැරදි මතින් උපයන ධනයෙන් බතබුලතින් තමන්ගේ ජීවිතය සරිකර ගනිති.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...