බටහිර අද ඉන්දියාවට

කොළඹ වරායේ ඉදිකිරීමට නියමිත බටහිර පර්යන්තය සම්බන්ධ අයිතිය ඉන්දියාවේ අදානි සමාගම වෙත පවරන ගිවිසුම අද (30) අත්සන් කිරීමට නියමිතය.

මේ ආකාරයට පසුගිය වසරේදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට ගත් උත්සාහය අවස්ථාවේ වරාය වෘත්තිය සමිති ඇතුලු සංවිධාන ඒකාබද්ධව ගොඩ නැඟූ මහජන විරෝධය හමුවේ එය හකුලා ගැනීමට ආණ්ඩුවට සිදුවිය. අවසානයේ මේ වසරේ පෙබරවාරි 1 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය විසින් නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියටම පැවරීමට තීන්දු කරනු ලැබීය.

කෙසේ වෙතත් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට වේලාසන යහපාලන ආණ්ඩුව එළඹ සිටි ගිවිසුම ක්‍රියාත්මක විය යුතු බවට ඉන්දියාව සිදුකළ බලපෑම නිසා ආණ්ඩුව විසින් ඒ වෙනුවට බටහිර පර්යන්තය ඉදිකිරීම සහ මෙහෙයුම් කටයුතු සිදු කිරීම ඉන්දියාවටපැවරීමට ආණ්ඩුව තීන්දු කර තිබිණි. ඒ අනුව, ඉන්දිය අගමැතිවරයාගේ සමීපතමයකු වන ව්‍යාපාරික අදානිට හිමි වරාය මෙහෙයුම් සමාගම සිය හවුල්කරුවා ලෙස ජෝන් කීල්ස් පුද්ගලික සමාගම නම් කර බටහිර පර්යන්තය සඳහා වන ගිවිසුම ලංකා රජය, අදානි සමාගම සහ ජෝන් කීල්ස් සමාගම විසින් අත්සන් කිරීමට නියමිතය.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...