Breaking News

බටහිර අද ඉන්දියාවට

කොළඹ වරායේ ඉදිකිරීමට නියමිත බටහිර පර්යන්තය සම්බන්ධ අයිතිය ඉන්දියාවේ අදානි සමාගම වෙත පවරන ගිවිසුම අද (30) අත්සන් කිරීමට නියමිතය.

මේ ආකාරයට පසුගිය වසරේදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට ගත් උත්සාහය අවස්ථාවේ වරාය වෘත්තිය සමිති ඇතුලු සංවිධාන ඒකාබද්ධව ගොඩ නැඟූ මහජන විරෝධය හමුවේ එය හකුලා ගැනීමට ආණ්ඩුවට සිදුවිය. අවසානයේ මේ වසරේ පෙබරවාරි 1 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය විසින් නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියටම පැවරීමට තීන්දු කරනු ලැබීය.

කෙසේ වෙතත් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට වේලාසන යහපාලන ආණ්ඩුව එළඹ සිටි ගිවිසුම ක්‍රියාත්මක විය යුතු බවට ඉන්දියාව සිදුකළ බලපෑම නිසා ආණ්ඩුව විසින් ඒ වෙනුවට බටහිර පර්යන්තය ඉදිකිරීම සහ මෙහෙයුම් කටයුතු සිදු කිරීම ඉන්දියාවටපැවරීමට ආණ්ඩුව තීන්දු කර තිබිණි. ඒ අනුව, ඉන්දිය අගමැතිවරයාගේ සමීපතමයකු වන ව්‍යාපාරික අදානිට හිමි වරාය මෙහෙයුම් සමාගම සිය හවුල්කරුවා ලෙස ජෝන් කීල්ස් පුද්ගලික සමාගම නම් කර බටහිර පර්යන්තය සඳහා වන ගිවිසුම ලංකා රජය, අදානි සමාගම සහ ජෝන් කීල්ස් සමාගම විසින් අත්සන් කිරීමට නියමිතය.

leave a reply