Breaking News

ආණ්ඩුවේ පොදු ප්‍රවාහන භාවිතය ගැන විහිළුව

ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ පොදු ප්‍රවාහන පහසුකම් බාවිතා කිරීමේදී අනුගමනය කල සෞඛ්‍ය උපදෙස් ප්‍රමාණයක් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

දුම්රිය දෙපර්තම්නේතුව උපදෙස් දී ඇත්තේ

මෙහි ඇති සිනා උපදවන කාරණය නම් දුම්රියක මැදිරියක මීටරයක දුරක් පවත්වාගනිමින් 50දෙනෙකු ගමන් කරන්නේ කෙසේද යන්නයි. එසේම විශාල ජනතාවක් ගැවසෙන කොටුව දුම්රිය ස්ථානයක වැනි තැනක දුම්රිය වේදිකාවේවත් මීටරයක දුරක් පවත්වාගෙන රැඳී සිටීමට බැරිය.

එසේම දුම්රිය මැදිරියක ගමන් කරන ප්‍රමාණය ගණනය කිරීම සහ මගීන්ට කැස්ස සහ උණ පවතින්නේද යන්න පරික්ෂා කිරීමට යම් වැඩපිළිවෙලක් අවශ්‍ය වුවත් එවැන්නක් ගැන සඳහන් නොවේ. කොරෝනා වසංගතයෙන් යම් තරමකට මැඩලීමෙන් පසු ඇඳිරි නීති සීමා ඉවත්කර ඇති රටවල තවත් පොදු ස්ථානවලට ඇතුළුවීමට පෙර ශරීර උෂ්ණත්ව මැන බැලීම සිදුකරයි.

බස් රථ භාවිතා කරන මගීන්ට ලබාදී ඇති උපදෙස්

එහි සඳහන් ආකාරයට සීමිත මගීන් ප්‍රමාණයක් පමණක් රැගෙන යාමේ ක්‍රමවේදය කොතරම් බස්රථ ප්‍රමාණයක් අනුගමනය කරාවිද යන ප්‍රශ්නය මතුවේ. විශේෂයෙන් පෞද්ගලික බස් රථ උත්සාහ කරන්නේ හැකිතරම් මගීන් ප්‍රමාණයක් පටවාගෙන තම ලාභය වැඩිකර ගැනීමටයි. ඒ අනුව මගීන් සීමිත ගණනක් ගෙන යාමට හෝ මුඛ ආවරණ පළඳින පිරිස් පමණක් බස් රථයට නංවා ගැනීම වැනි තේරීම් බස් රථ රියදුරන් හෝ කොන්දොස්තරවරු නොකරනු ඇත. එසේම මේ ආකාරයට සීමිත පිරිසක් පමණක් ගමන් ගන්නා බස් රථයක ගමන් කිරීමට අතරමදින් බස්රථවලට ගොඩවෙන ජනතාවට පැය ගණනාවක් බලා සිටීමට සිදුවෙනු ඇත. ඊට අමතරව බස් රථ සඳහා දුම්රියේ මෙන් රෝග ලක්ෂණ සහිත රෝගීන් ගැන සඳහනක් සිදුකර නොමැත. එසේම අපේ රටේ බස් සේවාවේ තරම දන්නා කිසිදු කෙනෙක් බස් රථයට නැගීමට පෙර අත්දෙක විෂබීජ හරණය කරගන්නා තුරු රැඳී සිටින ලෙස කියන්නේද නැත. මේ සෞඛ්‍ය උපදෙස්වල පසු විපරම් කටයුතු ආරක්ෂා අංශ මගින් කරන බව පැවසුවත් එවැනි කටයුත්තක් කිරීම සඳහා අරක්ෂක අංශ සෑම බස් නැවතුමකම රැඳවීමට සිදුවෙනු ඇත.

ආණ්ඩුව පවසන්නේ රජය සේවකයන්ගෙන් 30%ක් පමණක් සේවයට ගෙන්වා ගන්න ලෙසයි. එසේම පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් සියයට 50 ක් පමණක් සේවයට ගෙන්වා ගන්නා ලෙසද දක්වා තිබේ. රජය අන්සහයේ කෙසේවෙතත් පෞද්ගලික අංශයේ සිදුවීමට නියමිතව ඇත්තේ සියලු දෙනාට වැඩට පැමිණෙන ලෙස බල කිරීමයි. ඇඳිරි නීතිය පැවති අවස්ථාවේත් තම සේවකයන්ට වැඩට පැමිණෙන ලෙස ආයතන බොහෝ ගණනක් බලකර තිබුණි. බලහත්කාරය නැතිවුවද තම වැටුප් අහිමිවේය යන සහ රැකියා අහිමිවේය යන බිය නිසා පෞද්ගලික අංශයේ සේවකයන් වැඩට යනු ඇත. එම නිසා පොදු ප්‍රවාහන සේවය බාවිතා කරන්නන්ගේ අඩුවක් දැකිය නොහැකි වනු ඇත.

ජනතාවට මෙවැනි ක්‍රමයට බස් සහ දුම්රිය පාවිච්චි කිරීමට නම් දුම්රිය ගමන් වාර ගණන සහ බස් රථ දෙගුණයක් නොව තුන් ගුණයක් කළ යුතුවේ . වසංගතය පැතිරෙමින් තිබෙන අවස්ථාවේ ආණ්ඩුව විසින් ගනු ලැබූ අත්තනෝමතික තීරණයට අනුකූලව කිසිදු ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැතිව පොදු ප්‍රවාහනය සඳහා උපදෙස් පමණක් නිකුත් කර ඇති බව පෙනේ. එහිදී ඇති හැකි අය තමන්ගේ පෞද්ගලික වාහන පාවිච්චි කරමින් වැඩට යනු ඇත. එසේම පෞද්ගලික වාහන කුළියට ගැනීමට අතේ මුදල් ඇති අය එසේ කරනු ඇත. මෙහිදී ඉතා අසරණ භාවයට පත්වෙන්නේ එවැනි ආර්ථික හැකියාවක් නැති ජනතාවයි. ඔවුන්ට සිදුවෙනු ඇත්තේ කොරෝනා බිය පසෙක දමා තම බඩ වියත රැකගැනීම වෙනුවෙන් පොදු ප්‍රවාහනය බාවිතා කරමින් කෙසේ හෝ වැඩට යාමටයි.

leave a reply