Breaking News

ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සංකේතවත් කරන ආර්. රාජ්කුමාරිගේ ඝාතනය – ශාන්ත විජේසුරිය

ශාන්ත විජේසුරිය

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කාන්තාවකට අමානුෂිකව ලෙස පහර දි ඝාතනය කළ පලමු සිද්ධීය ආර් . රාජ්කුමාරිගේ සිද්ධීයයි . රාජ්කුමාරිට අමානුෂික ලෙස පහර දි ඝාතනය කළේ රාජගිරිය වැලිකඩ පොලිසීයේ නිලධාරීන් පිරිසක් විසිනි .

මෑතකදි මුදල් වංචා කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව අත්අඩංගුවට ගෙන රදවාගෙන ප්‍රශ්ණ කළ කාන්තාවක් එම දෙපාර්මේන්තුවේ හතරවන තට්ටුවෙන් පැන දිවි හානි කර ගත්තාය .ඇය දිවි හානි කරගත් බව කියන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවයි . මේ වැනි සිද්ධීන් ගණනාවක් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ අදුරු ඉතිහාසය තුළ සැග වි ඇත.

මිට පෙර කාන්තාවන්ට පොලිස් නිලධාරීන් පහර දුන් සිද්ධීන් වාර්තා වුවද පොලිසීය මගින් අත්අඩංගුවට ගත් කාන්තාවකට එම පොලිසීය තුළ රදවාගෙන පහර දී මරා දමපු පලමු අවස්ථාව මෙය වේ .

වැලිකඩ පොලිසීය මගින් රාජ්කුමාරිව අත්අඩංගුවට ගන්නේ මැයි 11 වෙනිදා පෙරවරුවේය . ඇය තිදරු මවක් වන අතර වයස අවුරුදු 42 කි ඇය බදුල්ල දෙමෝදර නාවලවත්තේ ප්‍රදේශයේ පදිංචිකාරීනියකි .

කුමාරිව අත්අඩංගුවට ගෙන වැලිකඩ පොලිසීයේ රදවාගත් බවට එම පොලිසීයේ කිසිදු පොතක සටහනක් තබා නැතැයි මරණකාරිය ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මංජුල පතිරාජ විවෘත අධිකරණයේ දි පොලිසිස් නිලධාරීන්ගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීම් වල දී හෙළදරව් වුණි .

වැලිකඩ පොලිසීය රාජ්කුමාරිව අත්අඩංගුවට ගන්නේ මුද්දක් ඇතුළු මුහුණේ ගාන ක්‍රීම් වර්ග සහ සුවද විලවුන් වගී සොරා ගත්තා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි .වැලිකඩ පොලිසීයේ ඇයට එරෙහිව පැමිණිල්ලක් දමා තිබුණේ ධනවත් සහ චිත්‍රපට අධ්‍යක්ෂීකාවක් වන සුධර්මා නෙත්තිකුමාර විසිනි . නෙත්තිකුමාර පැමිණිල්ල දමා පැයක් යන්නට මත්තෙන් වැලිකඩ පොලිසීය රාජ්කුමාරිව බොරැල්ලෙ නිවසක වැඩ කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබුණි . රාජ්කුමාරිව අත්අඩංගුවට ගත් පොලිසීය ඇයව පොලිසීයට රැගෙන යන්නට පෙර රාජගිරිය කුරේ මාවතේ පිහිටි නෙත්තිකුමාරගේ නිවසට රැගෙන ගිය බව අප වෙත තොරතරු ලැබි ඇත.

වැලිකඩ හිටපු ස්ථානාධිපතිට සහ පොලිස් පොඩ්ඩන්ට ජම්පර් අදින්න තැනට වැඩ සැලසුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු නියෝගයකට වැඩ පෙන්නන්ට යැමෙන් බව දැන ගන්නට ලැබි ඇත.

මෙම ධනවත් කාන්තා රාජ්‍ය මාධ්‍යමස්ථානයේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේගේ මිතුරියකි . ඇය ඒ කාලයේ පොලිස් පොඩ්ඩන් පමණක් නොව තමන්ගේ ස්වාමී පුරුෂාව ද දඩුකදේ ගැසු කාන්තාවක් බව කුප්‍රකටය .

සුධර්මා නෙත්තිකුමාර

රාජ්කුමාරි අවුරුද්දක පමණ කාලයක් නෙත්තිකුමාරගේ නිවසේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කොට ඇත. ඇයව අත්අඩංගුවට ගන්නේ බොරැල්ල කොටා පාරේ නිවසක සේවය කරමින් සිටියදීය . රාජ්කුමාරි එම නිවසට ගොස් මාස දෙකාක් පමණ ඇත.

ඇයට අමානුෂීක ලෙස පහර දුන්නේ නෙත්තිකුමාරගේ නිවසට රැගෙන ගිය පසු ද නැතිනම් පොලිසියේ නිලධාරීන්ද විසින් ද යන්න බරපතළ සැකයක් පවති . කෙසේ නමුත් ඇය මිය යන්නේ වැලිකඩ පොලිසීය මගින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට භාර දිමෙන් අනතුරුවය .

තමාගේ නිවසේ මුද්දක් සොරකම් කළ නිසා රාජ්කුමාරිව පොලිසීය මගින් අත්අඩංගුවට ගත් බව ඇයගේ ස්වාමී පුරුෂයා වන සෙල්වදුරේ සුරාජ්ට මුලින්ම දැනුම් දෙන්නේ නෙත්තිකුමාර විසිනි . ඊට ටික වේලාවකට පසු සුරාජ්ට දුරකතන අංකයකින් කතා කොට තමා පොලිසීයෙන් බවත් බිරිද පොලසීය මගින් අත්අඩංගුවට ගත් බව පවසා එම නිලධාරීයා දුරකතනය රාජ්කුමාරීට දී ඇත.

“අයියේ මට ගහනවා , මාව බේර ගන්නැයි කියා ඇය සුරාජ්ගෙන් ජිවිතය ඉල්ලදී “ පොලිස් නිලධාරියා රාජ්කුමාරිගෙන් දුරකතනය උදුරාගෙන ඇත.

නෙත්තිකුමාර සුරාජ්ට කතා කර කෙටි කාලයකින් පොලිස් නිලධාරියා ද සුරාජ්ට කතා කර ඇත. පොලිසීය ඇයගෙන් ප්‍රශ්න කරද්දී ,නෙත්තිකුමාර එම ස්ථානයේ සිටියා ද නැතිනම් මේ සියලු කතා බහ සිද්ධ වෙන්නේ නෙත්තිකුමාරගේ නිවසට රාජ්කුමාරිව රැගෙන ගිය අවස්ථාවේදීද? යන්න සැකයක් පවති .

මෙම දුරකතන හුවමාරුව වන අවස්ථාවේ සුරාජ් කුලී වැඩක් සොයා ගෙන අම්පාරට ගොස් සිටියේය . ඔහු මැයි 11 වනදා රාත්‍රීයේ අම්පාරෙන් බසයකට නැගී කොළඹට පැමිණ ඇත . සුරාජ් පොලිස් මෘත ශරීරාගාරයට ගොස් බිරිදව බලද්දී ඇය අසමාන්‍ය ලෙස ඉදිමී ,කනෙන් සහ නහයෙන් ලේ වැගිරෙමින් තිබු බව ඔහු ලංකා ස්කයි නිවිස් සමග පැවසීය .

“පහර දිමකින් රාජ්කුමාරි මිය ගොස් ඇති බව “අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් තමන්ට පැවැසු බව ඇයගේ ස්වාමී පුරුෂයා වන සෙල්වදුරේ සුරාජ් අප සමග කිවේය . කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් අධිකරණයට ඉදිරිපත් කළ කෙටි වෛද්‍ය වාර්තාවේ පහර දිමකින් රාජ්කුමාරි මිය ගොස් ඇති බව සදහන් වන බවත් වාර්තාවේ .

මුද්දක් ඇතුළු රුපියල් දාහතරදාහක බඩු ඇය විසින් සොරා ගත්තැයි වැලිකඩ පොලිසීයේ පැමිණිල්ලක් දැමු නෙත්තිකුමාර ඇයව පොලිසියෙන් පහර දී ඝාතනය කළ පසු රාජ්කුමාරිගේ මරණ කටයුතු සදහා යැයි මුලින් දහදහකුත් පසුව විසිපන්දාකුත් සුරාජ්ගේ ගිණුමට බැර කර ඇත.

රාජ්කුමාරිගේ පොලිස‍් ඝාතකයන් විසින් ද ඇයගේ අවසන් කටයුතු සදහා යැයි රුපියල් දහදහක මුදලක් සුරාජ්ට ලබා දී තිබේ .

මෙම මුදල් ලබා දිම හරහා එළියට කාන්දු වුයේ ඔවුන්ගේ හෘද සාක්කිය පිළිබද ප්‍රශ්නයක් වගේම මෙම ඝාතනය වසා දැමීමටය . ඉදිරියෙදී දරුවන්ට උදව් කරන බවට ද නෙත්තිකුමාර සුරාජ්ට පොරෝන්දු වන්නේ ඔහු වෙනස් වුහොත් තමන් ඇතුළු පිරිසට වැඩ වරදි යන බියෙනි .

රාජ්කුමාරිව පහර දී ඝාතනය කළේ මුද්දක් ඇතුළු බඩු සොරකම් කළ නිසා ද නැත්නම් නෙත්තිකුමාරගේ පවුල ඇතුළේ ඇය මුල කරගෙන ප්‍රශ්නයක් ඇති වුනා ද යන්න සැකයක් පවති. මන්ද ඇය මැදවියේ පසු වන රූමත් කාන්තාවක් බැවිණි .

රාජ්කුමාරිගේ පවුලට මුදල් ආධාර දී ඇයගේ ඝාතනය යට ගැසීමට නෙත්තිකුමාර සහ පොලිසීය කටයුතු කළ ද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය සහ නීතිඥ ජෙයරත්න රාජා මැදිහත් නොවන්නට මෙම සිද්ධියත් පස් කදු යට රහසක් වන්නට ඉඩ තිබුණි .

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය මැදිහත් වී මෙම ඝාතන යළි ඉස්මත්තට පැමිණියේය.

පොලිස්පතිවරයා පවා මෙම සිද්ධීයට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩ තහනම් කර වැලිකඩ ස්ථානාධිපතිට ඇතුළු නිලධාරීන් කිපදෙනෙක්‍ගේ ස්ථාන මාරු ලබා දුන්නේ , සිරකරු අයිතිවාසීකම් සුරැකීමේ සංවිධානය මරණකාරීයගේ ස්වාමී පුරුෂයා ලවා තම බිරිදගේ මරණය සැක බවත් මෘත දේහය ගොඩ ගෙන නැවත පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වන්නැයි අධිකරණයට මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමෙන් අනතුරුවය.

රාජ්කුමාරිගේ ඝාතකයන් කවුද යන්න මෙතෙක් හෙළි වී නැති අතර පොලිසීය මහජනයාට ඒ පිළිබදව දැන ගැනීමේ අයිතිය වළකාලමින් සිටි .

රාජ්කුමාරිය මරා දමා අද (01) ට දින විසි එකාක් (21) ගත වි ඇත. රාජ්කුමාරිගේ සිද්ධිය රනිල් -රාජපක්ෂ ධනපති ආණ්ඩුවේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය එළිමහනට පොලා පැනීමකි .

රාජ්කුමාරිව අමානුෂික ලෙස පහර දි ඝාතනය කිරීමට එරෙහිව ප්‍රොටෙක් සංගමය මගින් පමණක් කොළඹ අලුත් කඩේ උසාවිය ඉදිරිපිට නිහඩ විරෝධතාවක් පැවැත්විණ . එම සංගමය ඉල්ලා සිටියේ ඇයගේ ඝාතකයන් කවුද යන්න හෙළි කරන්න මිස ඔවුන්ව වහා අත්අඩංගුවට ගන්නැයි ආණ්ඩුවට බල කරන තරමට ප්‍රොටෙක් සංගමය ඉදිරියට නොයන්නට වග බලා ගත්තේය . ඊට හේතුව එම සංවිධානයේ පංති ස්වභාවය ඊට හරස් වි ඇත.

මෙරට නිදහස උදෙසා සහ සමාජවාදී කාන්තා සංගමයට ඇතුළු ඊනියා කාන්තා සංවිධාන වලට රාජ්කුමාරි මගහැරුණා නොව ඔනෑකමින් මගහරින ලදි .

මන්ද රාජ්කුමාර් පිටුපස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වැනි චරිතයක් නොසිටිමත් ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් ධනපති රාජය ප්‍රශ්න කරන්නට යැමෙන් ධනපති රාජය බරපතළ අනතුරක වැටෙයි යන බියත් රාජ්කුමාරි වතුකරයේ දුගීදුප්පත් පවුලක කාන්තාවක් වන අතර නෙත්තිකුමාර ඉහල මධ්‍යම පාන්තික කාන්තාවක් මෙන්ම සමාජ ක්‍රියාකාරීනියක් විම නිසාත්ය .

බදියුදීන්ට මෙරට ඊනියා කාන්තා සංවිධාන විරුද්ධ වන්නේ ඔහුගේ නිවසේ බැල මෙහෙවර යෙදී සිටි දාසය හැවරිදි ජුඩ් කුමාර් ඉෂාලිනී නැමැති දැරිය පිළිස්සුම් තුවාල සහිතව මිය යැමටත් වඩා බදියුදීන් මුස්ලිම් දේශපාලකයෙකු විමය. මෙම සිද්ධිය වන විට බදියුදීන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන ඒකකය යටතේ රදවාගෙන තබාගෙන සිටියේය . රාජපක්ෂ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ වගකීම බදියුදීන් පිට පැටවීමට ගෙන ගිය කුමන්ත්‍රණයේ මෙරට ඊනියා කාන්තා සංවිධාන දැනුවත්ව හෝ නොදැනුවත්ත පැටලුණි .


මෙරට ඊනියා කාන්තා සංවිධාන වලට මෙන්ම ධනපති මාධ්‍ය ආයතන වලට ද අද ඉෂාලිනී දුව අමතක වි ඇත. ඉෂාලිනී දුව ගිනි තබා ගත්තා ද නැතිනම් ඇයට ගිනි තැබුවාද යන්න තවමත් විසදී නැත . ඉෂාලිනී ගිනි තබා ගත්තේ නම් ඊට ද බදියුදීන්ගේ පවුල වගකිව යුතු දැයි සොයා බැලීය යුතුය.

ධනපති සමාජය තුළ තැනින් තැන සිදුවන මේවැනි සිදුවිම් පරාජය කළ හැක්කේ සමානතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ හැක්කේ පීඩිත මහජනයා එකරාශී කරගත් වැඩකරන ජනයාට පමණි . එම ඉදිරිදර්ශනය පිටුපාන සියලුම දෙනා දැනුවත්වම කරන්නේ ධනපති ක්‍රමය ශක්තිමත් කිරීමකි.

 

උපුටා ගැනීම –  www.lankaskynews.com

leave a reply