Breaking News

ශබ්ද දූෂණයට නව නීති

නව පරිසර පනත යටතේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි ගෙන ඒමට මධ්‍යම පරිසර අධිකාරීය පියවර ගෙන තිබෙනවා.

ඒ යටතේ ශබ්ද දූෂණය චෝදනාවට වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගත හැකි වරදක් ලෙස ප්‍රකාශයට පත් කරන බව එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරනවා.

2025 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ මෙම පනත් කෙටුම්පත, 2026 අප්‍රේල් 22 වනදා ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කෙරුණා.

ඉන්පසුව ඊට විරෝධතා දැක්වීම සඳහා මැයි 06 වනදා දක්වා කාලය ලබා දුන් අතර, පසුගිය 2026 ජූනි 24 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමෙන් අනතුරුව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

මෙම නව පනත මගින් ශබ්ද දූෂණය “සංඥෙය වරදක්” ලෙස නම් කර ඇති අතර, ශ්‍රී ලංකා නීතියට අනුව සංඥෙය වරදක් යනු අධිකරණ වරෙන්තුවක් නොමැතිව පොලිසියට සැකකරුවෙකු අත්අඩංගුවට ගත හැකි බරපතල ගණයේ වරදක් වනවා.

වසර 26කට පසුව සිදුවූ මෙම පාරිසරික පනත් සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ මහතා සඳහන් කළේ, පුරවැසියන්ට පීඩාවක් වන පරිදි යම් පුද්ගලයෙකු ශබ්ද දූෂණයේ යෙදෙන්නේ නම්, වරෙන්තුවක් නොමැතිව එම තැනැත්තා අත්අඩංගුවට ගැනීමට නීතිමය අවකාශය ඉදිරියේදී ලැබෙන බවයි.

වැඩිම ශබ්ද දුෂණයක් සිදුකරන ස්ථාන අතර ආගමික ආයතන ඉදිරියෙන්ම තිබේ. මේවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ඉදිරියේදී දැකගත හැක.

leave a reply

Hits

Must see news