නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන් බලපත්‍රය සඳහාද හඳුන්වා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද නව ආගමන පනත් කෙටුම්පත යටතේ අනාගතයේදී නිකුත් කිරීමට නියමිත විද්‍යුත් ගමන් බලපත්‍ර සඳහා ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.

පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීම සහ පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

මෙම පනත් කෙටුම්පත 1948 අංක 20 දරන ආගමන හා විගමන පනත ප්‍රතිස්ථාපනය කිරීමට අදහස් කෙරේ.

මේ සඳහා සකස් කරන ලද පෙර පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණද, 2024 සැප්තැම්බර් 24 වන දින නවවන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු එහි වැඩකටයුතු ඇනහිට තිබේ. එම පනත් කෙටුම්පත පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද තහනම් නියෝගයකට ද යටත් විය.

මෙම වෙනස්කම් සැලකිල්ලට ගනිමින් , 2025 අගෝස්තු 18 වන දින කැබිනට් මණ්ඩලය නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට අනුමැතිය ලබාදී තිබේ.

පසුව, 2025 දෙසැම්බර් 10 වන දින පැවති රැස්වීමේදී, විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර සඳහා ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ කිරීම සඳහා නව පනත් කෙටුම්පතට සුදුසු විධිවිධාන ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, නීති කෙටුම්පත්කරු විසින් සකස් කරන ලද ආගමන පනත් කෙටුම්පත ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි වාර්තා වේ.

ජෛවමිතික දත්ත ඇතුළත් හැඳුනුම්පතක් නිර්මාණය කිරීම හරහා ජනතාවගේ දත්ත අනාරක්ෂිත වීමේ විශාල අවදානමක් පවතින බව විශේෂඥයන් රැසක් පෙන්වා දී තිබේ. එසේම එවැනි පද්ධතියක් හැසිරවීම සඳහා අපේ රටට තාක්ෂණික හැකියාවක් නොමැති බවත් එය ඉන්දියානු සමාගමකට ලබාදීම අපේ රටේ ස්වෛරීත්වයට හානියක් බවත් බොහෝ අංශ පෙන්වා දී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...