‘දෙවරක් පෙරන ලද පිරිත් පැන්’ රසවිඳින්න හෙට(26) දියතට සෙට් වෙන්න

හෙට ඒ කියන්නෙ 26 වෙනි සෙනසුරාදා හවස 3ට තැන්නේ ඥානානන්ද හාමුදුරුවොයි ෂෙහාන් නානායක්කාරයි එකතුවෙලා ලියපු ‘ දෙවරක් පෙරන ලද පිරිත් පැන්’ පොත දියත එළිමහන් රංග පීඨයේදී එළිදක්වනවා.

තැන්නේ ඥානානන්ද හාමුදුරුවො සමාජ මාධ්‍ය හරහා සාම්ප්‍රදායික සීමා මායිම් තඹේකට මායිම් නොකර කවි ලියන්නෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ වගේම හැමෝම දන්නා පරිදි සමාජ වෙනසක් බලාපොරොත්තුවෙන් තමන්ගේ ජිවිතයම කැප කළ කෙනෙක්.

ෂෙහාන් නානායක්කාරත් කවියෙක් වගේම සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස ප්‍රසිද්ධ වූ කෙනෙක්.

මේ දෙදෙනාම එකතුවෙලා තමයි දෙවරක් පෙරන ලද පිරිත් පැන් අරගෙන එන්නෙ.

හෙට සෙනසුරාදා හවස වරුවේ මේ දෙන්නා එකතුවෙලා දෙවරක්ම පෙරාපු පිරිත් පන තොලගාන්න දියතට එන්න.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...