මිතුරන්ට බැණ වදිමි…

ප්‍රාණසම මිතුරනි,
මම තොපට
බැණ වදිමි…

අනුන්ගේ කවිවල
පුනරුක්ති දොස් හොයන
කිසිදෙයක් අලුතින්
නො ලියනා මිතුරනි,
මම තොපට බැණ වදිමි.

මැරෙන දින ගැන ගැන
ජීවත් වෙන්න දින නැති
මිතුරනි,
මම තොපට බැණ වදිමි.

සොහොන් පිටිවල පවා
වැට ගසා ගනු බලන
ගෙවලයන් රැක ගන්න
වෙර දරන මිතුරනි,
මම තොපට බැණ වදිමි.

ප්‍රාණ සම මිතුරනි,
ඇයි ද මේ පණ නැතිව
වැනි වැනී සිටින්නේ…?
ඔව්…මම තොපට බැණ වදිමි.

හාත්පස විසම බව
නො දුටු සේ මාරු වෙන
ෆිනෑන්ස් කළ වාහනේ
කට පියාගෙන යන
මම මගේ මිතුරන්ට
බැණ වදිමි.

ඒ කියන්නේ මිතුරනි,
මම මට ම
බැණ ගනිමි.

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...