ප්‍රාණසම මිතුරනි,
මම තොපට
බැණ වදිමි…
අනුන්ගේ කවිවල
පුනරුක්ති දොස් හොයන
කිසිදෙයක් අලුතින්
නො ලියනා මිතුරනි,
මම තොපට බැණ වදිමි.
මැරෙන දින ගැන ගැන
ජීවත් වෙන්න දින නැති
මිතුරනි,
මම තොපට බැණ වදිමි.
සොහොන් පිටිවල පවා
වැට ගසා ගනු බලන
ගෙවලයන් රැක ගන්න
වෙර දරන මිතුරනි,
මම තොපට බැණ වදිමි.
ප්‍රාණ සම මිතුරනි,
ඇයි ද මේ පණ නැතිව
වැනි වැනී සිටින්නේ…?
ඔව්…මම තොපට බැණ වදිමි.
හාත්පස විසම බව
නො දුටු සේ මාරු වෙන
ෆිනෑන්ස් කළ වාහනේ
කට පියාගෙන යන
මම මගේ මිතුරන්ට
බැණ වදිමි.
ඒ කියන්නේ මිතුරනි,
මම මට ම
බැණ ගනිමි.
