පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු ප්‍රතිපත්තිය විවේචනය කරමින් පවසන්නේ , සාමාන්‍ය පවුල් දැඩි වක්‍ර බදු බරකට මුහුණ දෙන අතරතුර, විශාල සමාගම් සහ ධනවත් බදු ගෙවන්නන් සැලකිය යුතු සහන ලබා ගන්නා බවයි.
ඩේලි එෆ්ටී වාර්තාවක් උපුටා දක්වමින් පුබුදු ජයගොඩ කියා සිටියේ ආයෝජන මණ්ඩලය හරහා ක්‍රියාත්මක වන සමාගම්වලට රුපියල් බිලියන 276 ක් පමණ වටිනා බදු සහන ලැබී ඇති බවත්, පළමු කාර්තුව තුළ පමණක් රුපියල් බිලියන 9.58 ක වැට් බද්දක් සහ රුපියල් බිලියන 20 ක් පමණ ආදායම් බද්දක් අය කරගෙන නැති බවත්ය.
බහුජාතික ආයෝජකයින්ට වසර තුළ රුපියල් ට්‍රිලියන 1 කට ආසන්න බදු සහන ලබාදී ඇති බවත්, දේශීය ව්‍යාපාර විසින් නොගෙවූ බදු රුපියල් බිලියන 961 ක් පමණ ඇති බවත් ඔහු තවදුරටත් පවසයි.
භාණ්ඩ හා සේවා සඳහා පනවා ඇති බදු සමඟ සංසන්දනය කරමින් පුබුදු ජයගොඩ පවසන්නේ, සාමාන්‍ය පවුලක් පළමු මාස හය තුළ රුපියල් 41,146 ක් බැගින් ගෙවා ඇති බවයි.
ඔහු පවසන පරිදි අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණය 21%ක් දක්වා ඉහළ නැංවුණු තත්වයක් යටතේත් ආහාර වලට බදු සහන දීමට ආණ්ඩුව කටයුතු කර නැත. වසර හයක් තුළ දරුවන් 2,67,000ක් අතරමගදී පාසල් හැරගොස් ඇති බව අගමැතිනිය අනාවරණය කරද්දීත් පාසල් උපකරණ වල බදු ඉවත් කිරීමට කටයුතු කර නැත.






