ඇස් අන්ධ කළ බෙහෙත් ගෙන්වූ සමාගමට එරෙහි පියවරක් නෑ

දිවයින පුරා රෝගීන් රැසකගේ දෑස් අඳභාවයට හේතුවූ ආන්දෝලනාත්මක ප්‍රෙඩ්නිසීලෝන් අක්ෂි දියරය (Prednisolone eye drop) මෙරටට ගෙන්වනු ලැබූ සමාගම මේ දක්වා අසාදු ලේඛනගත කිරීමට ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර නැතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය හෙළි කරයි.

පසුගිය කාල සමයේදී බාල ඖෂධ සහ වැඩි මිලට ඖෂධ ගෙන්වන ලද සමාගම් අසාදු ලේඛනගත කරන ලෙසට සිය සන්ධානය අවස්ථා ගණනාවකදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය නමුත්, වත්මන් සෞඛ්‍ය පරිපාලකයන් දූෂිත හිටපු නිලධාරීන් සහ සමාගම් ආරක්ෂා කරමින් කටයුතු කරන බවට ද එම සන්ධානය චෝදනා කරයි.

පසුගියදා පැවැති කෝප් කමිටුවේදී තමන් විසින් සඳහන් කළ ඉහත කරුණු සත්‍ය බව අනාවරණය වූ බවත් වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශ හා ඖෂධ නියාමන අධිකාරියේ පරිපාලකයන් යටතේ සෞඛ්‍ය පද්ධතියේ නියාමනය සහ සැපැයුම් නිසි තත්ත්වයට පත්ව නැති බවත් එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.

මෙම ඖෂධය නිසා ඇස් අන්ධ වූ 17 දෙනෙකුට වන්දි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැවසුවේ ජනවාරි මාසයේදීයි.

එපමණක් නොව මෙම ඖෂධය ගෙන්වීමට මූලික වූ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත් බව ඔහු පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...