රත්න වැඩිමිලට සහල් වික්කට දඩය ලක්ෂ දහයයි

උපරිම සිල්ලර මිල ඉක්මවා රතු නාඩු සහල් වෙළෙඳපොළට සැපයීමේ චෝදනාවට වැරදිකරු වූ නිව් රත්න සහල් පුද්ගලික සමාගමට රුපියල් මිලියනයක දඩ මුදලක් නියම කර තිබේ.

2026 අගෝස්තු 06 දින මෙම නඩුව පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා ඇති අතර එහිදී විත්තිකාර නිව් රත්න සහල් පුද්ගලික සමාගම අදාළ චෝදනාවට වරදකරු කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර ඇත.

2022 වර්ෂයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් නාඩු සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල වන රු. 220 ඉක්මවා රතු නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 225 බැගින් සටහන් කර වෙළෙඳපොළට සැපයීම මඟින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති හා විධානයන් උල්ලංඝනය කිරීම හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

මෙම වැඩිමිලට විකිණීම හරහා මෙම සහල් සමාගම ලබා ඇති ලාභය කොතරම්ද යන්න පැහැදිලි නැත. කෙසේවෙතත් මෙම රුපියල් මිලියනය යනු මෙම සමාගම්වලට සොච්චමකි. රටේ වී කුණු කොල්ලයට මිලදී ගනිමින් මුළු සහල් වෙළඳපොළම පාලනය කරමින් අධික ලාභ ලබන මෙම සමාගම්වලට තවමත් මෙම ජාවාරම් සිදුකිරීම සඳහා ඉඩ ලැබී තිබේ.

පසුගියදා ඔහු හෙලිකොප්ටර්යක් සහ ලෝකයේම මිල අධිකම වාහනයක් ලෙස සැළකෙන රෝල්ස් රොයිස් රථයක් මිලදී ගෙන තිබුණි. ඔවුන් මේ මිලදී ගැනීම් කරන්නේ වී ගොවීන් තමන්ට ගොවිතැන සඳහා යන පිරිවැය දැරිය නොහැකි බවත් වී මිල ඉහළ නංවන ලෙසට විරෝධතා දක්වමින් සිටියදීයි.

Share post:

Popular

More like this
Related

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...

” දෝරේ ගිය කිරි කඳුළ ” දොරට වැඩුම සැප්තැම්බර් 05

ලේඛිකා රංජනී සෝමචන්ද්‍ර විසින් රචිත" දෝරේ ගිය කිරි කඳුළ...