මර්දනීය විකාශන අධිකාරි පනත් කෙටුම්පත

විජේදාස රාජපක්ෂ ගේ සභාපතිත්වයෙන් පත් කරනු ලැබූ කැබිනට් අනු කමිටුව විකාශන නියාමන කොමිසමක් ඇති කිරීමට අවශ්‍ය කරන අදාළ පනත් කෙටුම්පතේ මූලික කටයුතු නිමාවට පත් කර තිබේ .

පස්දෙනෙකුගෙන් සමන්විත විකාශන නියාමන කොමිසමක් ඉන් යෝජනා කර ඇති අතර නිල බලයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඊට ඇතුළත් වෙනවා.තවත් තුන් දෙනෙකු පත් කළ යුත්තේ ජනාධිපතිවරයා විසිනි. එම පත්කිරීම් ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව පත් කළ යුතු යැයි සඳහන් වෙනවා.  කොමිෂන් සභාවේ සභාපති  ජනාධිපතිවරයාගේ  අභිමතය පරිදි පත් කිරීම විශේෂත්වයක්.

යෝජිත මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර විකාශන නියාමන කොමිසම පිහිටවීමෙන් ජනමාධ්‍ය මර්දනය  සඳහා අවශ්‍ය  ආණ්ඩුවේ මැදිහත්වීම සඳහා ඉන් අවස්ථාව සැලසෙන බව බොහෝදෙනෙකු පෙන්වා දී තිබේ .

විකාශන නියාමන කොමිසමේ ප්‍රධාන අරමුණු බවට සඳහන් කර ඇත්තේ ජාතික  ආරක්ෂාවට, නීතිය හා සාමය ට, ජාතික ආර්ථිකයට, බලපෑම් නොවන ආකාරයෙන් ජනමාධ්‍ය හැසිරවීමයි.

රනිල් රාජපක්ෂ ආණ්ඩුව පත් වීමෙන් අනතුරුව විවිධ අණපනත් සහ මර්දන නීති ගෙනඑමින් ජනතාව මර්දනය කිරීමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කර කරගැනීමට උත්සාහ දැරුවද ජනතා විරෝධයන් හමුවේ එය කරගැනීමට නොහැකි විය. මාධ්‍ය මර්දනය සඳහා අවශ්‍ය කරන නීති සූදානම් කරමින් මේ සූදානම් වන්නේ එම කාර්යය වෙනත් ආකාරයකට කර ගැනීම සඳහායි.

මේ  මර්දන පනත පරාජය කිරීම සඳහා සියලු දෙනා පෙරමුණ ගත යුතුය.මෙවන්  නීති ජනමාධ්‍යයට පමණක් නෙවෙයි තනි තනි පුද්ගලයන්ට අදහස් ප්‍රකාශ කිරීමේ දී පවා බලපෑම් සහගත ලෙස මර්දනය කිරීමට අවශ්‍ය කරන රාමු නිර්මාණය වෙන බව නොරහසකි.

එහෙයින් සියලු දෙනා පෙරමුණ ගෙන ආණ්ඩුවේ මර්දනකාරී උවමනාව පරාජයට පත් කළ යුතුව තිබේ.

Share post:

Popular

More like this
Related

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...