ගෝඨාභයගේ දෙවැනි ජනාධිපති සිහිනයෙන් කුඩුපට්ටම් වන්නේ මැජික් රාජපක්ෂගේ සිහිනයයි

අද මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ පැවති සාකච්ඡාවක දී ජනාධිපති ගෝඨාභය විසින් තමන්ගේ ඊළඟ සිහිනය පිළිබඳව හෙළිදරව්වක් කර තිබෙන බව   ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක තම ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ  ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට තිබෙන කාලය පිළිබඳ  පැන නැගුණු පැනයකට පිළිතුරු සපයමින්, මගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවුරුදු තුනක් පමණක් නොව ඉන් පසුවත් තව අවුරුදු පහක් තිබෙනවා යනුවෙන් ඔහු ප්‍රකාශ කළ බව කිංස්ලි රත්නායක පවසයි.

කෙසේවෙතත් රාජපක්ෂවරුන්ගේ ජනාධිපති  සිහින පෙරමුණේ  බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ලෙස දැනට නම් ඉදිරිපත් වී තිබෙන බව සමාජය තුළ කතා බහට ලක්වෙමින් තිබේ.  ජනාධිපති ගෝඨාභයගේ මීළඟ ජනාධිපති වීමේ සිහිනය ප්‍රථම ජනාධිපති සිහිනය තරම්ම ප්‍රබල සහ ශක්තිය සැපයෙන එකක් නොවෙන බවට  ඉදිරියේදී ඇතිවන දේශපාලන හැලහැප්පීම් මත තීරණය වීමට නියමිත එකකි. ඒ අනුව ඉදිරි වසර  3 අවසාන වනවිට ජනාධිපති වන්නේ ගෝඨාභය ද  එසේත් නැතිනම්  පොහොට්ටුවේ සියලු පක්ෂ එකඟ වෙන පොහොට්ටුවේ ම  වෙනත් රාජපක්ෂ කෙනෙක්ද යන එක තීරණය වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...