ආණ්ඩුව විකාශන අධිකාරී පනතින් මාධ්‍ය දඬු කඳේ ගහන්නයි හදන්නේ – හර්ෂ ද සිල්වා

ජන මාධ්‍යයේ ප්‍රගමනය වෙනුවෙන් විකාශන අධිකාරී පනතක් හඳුන්වා දීමට කලක සිට තිබූ යෝජනාවට මුවාවී වත්මන් ආණ්ඩුව මාධ්‍ය තමන්ට අවශ්‍ය පරිදි හීලෑ කරගනිමින් මර්දනය කිරීමට හැකි විකාශන අධිකාරී පනත් කෙටුම්පතක් සම්පාදනය කර තිබෙන බවත් එය පරාජය කිරීම අනිවාර්යෙන්ම කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

කොළඹදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ සිය මතවාදයට එකඟ නොවන මාධ්‍ය වෙත පීඩනයක් එල්ල කරමින් ඒවා අවශ්‍ය පරිදි හැසිරවීමට සහ පාලනය කිරීමට හැකි ප්‍රතිපාදන මෙම පනත් කෙටුම්පතේ ඇතුළත් බවයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක සදාචාරයට නොගැලපෙන්නක් බව හෙතෙම මෙහිදී කීය.

“අපි හැමෝගෙම මතය එක සමාන නෑ. හැබැයි, ඒ විවිධ මතවාදයන්ට අවස්ථාවක් තිබිය යුතුයි. යම් අධිකාරියකට ඕන විදිහට මාධ්‍යයට වැඩකරන්න බෑ. මාධ්‍යයට ස්වාධීනව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන්න ඕන. ඒක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අයිතියක්. යෝජිත විකාශන අධිකාරී පනතින් මාධ්‍ය දඬු කඳේ ගහන්නයි හදන්නේ. අපි ඒකට ඉඩ දෙන්නේ නෑ.“

ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත ගෙන එමින් මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ ගත් බවත් එය ව්‍යර්ථ වූ පසුව මෙම විකාශන අධිකාරී පනතින් එම අවශ්‍යතාවය ඉටුකර ගැනීමට උත්සාහ කරන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

 

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...