ආණ්ඩුව විකාශන අධිකාරී පනතින් මාධ්‍ය දඬු කඳේ ගහන්නයි හදන්නේ – හර්ෂ ද සිල්වා

ජන මාධ්‍යයේ ප්‍රගමනය වෙනුවෙන් විකාශන අධිකාරී පනතක් හඳුන්වා දීමට කලක සිට තිබූ යෝජනාවට මුවාවී වත්මන් ආණ්ඩුව මාධ්‍ය තමන්ට අවශ්‍ය පරිදි හීලෑ කරගනිමින් මර්දනය කිරීමට හැකි විකාශන අධිකාරී පනත් කෙටුම්පතක් සම්පාදනය කර තිබෙන බවත් එය පරාජය කිරීම අනිවාර්යෙන්ම කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

කොළඹදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ සිය මතවාදයට එකඟ නොවන මාධ්‍ය වෙත පීඩනයක් එල්ල කරමින් ඒවා අවශ්‍ය පරිදි හැසිරවීමට සහ පාලනය කිරීමට හැකි ප්‍රතිපාදන මෙම පනත් කෙටුම්පතේ ඇතුළත් බවයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක සදාචාරයට නොගැලපෙන්නක් බව හෙතෙම මෙහිදී කීය.

“අපි හැමෝගෙම මතය එක සමාන නෑ. හැබැයි, ඒ විවිධ මතවාදයන්ට අවස්ථාවක් තිබිය යුතුයි. යම් අධිකාරියකට ඕන විදිහට මාධ්‍යයට වැඩකරන්න බෑ. මාධ්‍යයට ස්වාධීනව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන්න ඕන. ඒක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අයිතියක්. යෝජිත විකාශන අධිකාරී පනතින් මාධ්‍ය දඬු කඳේ ගහන්නයි හදන්නේ. අපි ඒකට ඉඩ දෙන්නේ නෑ.“

ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත ගෙන එමින් මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ ගත් බවත් එය ව්‍යර්ථ වූ පසුව මෙම විකාශන අධිකාරී පනතින් එම අවශ්‍යතාවය ඉටුකර ගැනීමට උත්සාහ කරන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

 

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...