පොහොට්ටුව හේදිලාම යන ලකුණු

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන ද ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයෝගය දක්වන බව ප්‍රකාශයට පත්කර තිබේ.

පොදුජන පෙරමුණේ බෙදීම ද මේ වනවිට ප්‍රසිද්ධ තලයට පැමිණ ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ගම්පහ, අනුරාධපුර, මාතර හා ගාල්ල දිස්ත්‍රික් නායක ධුර දැරූ අමාත්‍යවරුන් තිදෙනෙකු සහ මන්ත්‍රීවරයෙක් ඉවත්කර එම තනතුරුවල වැඩ බැලීම සඳහා අලුතින් සිව් දෙනෙකු පත් කර ඇත.

ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික් නායක ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන වෙනුවට එම දිස්ත්‍රික් නායක ධුරයේ වැඩබැලීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පත්කර ඇත.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික් නායකත්වය දැරූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග වෙනුවට එහි වැඩබැලීමට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ද, අමාත්‍ය කංචන විජේසේකර වෙනුවට මාතර දිස්ත්‍රික් නායකත්වයේ වැඩ බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක ත් පත්කර තිබේ.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික් නායක ලෙසින් කටයුතු කළ රමේෂ් පතිරණ වෙනුවට එම දිස්ත්‍රික්කයේ වැඩබැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා පත් කර ඇත

පක්ෂයේ තිරණයට එරෙහිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහාය දැක්වීමට යෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

 

රනිල් ළඟට ගිය මන්ත්‍රීන්ට සාගර ගෙන් ලිපියක්

පොදුජන පෙරමුණේ මතයට විරුද්ධව කටයුතු කරන අයට එරෙහිව විනය පියවර ගැනීමට දේශපාලන මණ්ඩලය ගත් තීරණය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා හිටපු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින්ට ලිඛිතව දැනුම් දුන් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ඔහු සඳහන් කළේ, පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමටත් ඊට එරෙහිවී වෙනත් අපේක්ෂකයෙකුට සහය පළ කරන සමාජිකයෙකුට විනය පියවර ගැනීමටත් පසුගිය දා රැස්වූ දේශපාලන මණ්ඩලය තීරණය කළ බවයි.

එම තීරණය දේශපාලන මණ්ඩලයේ නොවන සමාජිකයින්ට ලිඛිතව දැනුම් දුන් බව ඔහු ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා පවසන්නේ, සාගර කාරියවසම්ලා මොන තීරණ ගත්තත් රට ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයෝගය දැක්වීමට ගත් තීරණය වෙනස් නොවන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...