යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත (ATA) අප්‍රේල් 25 වැනි දින විවාදය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. දේශපාලන පක්ෂවලට, වෘත්තීය සමිතිවලට සහ සිවිල් ක්‍රියාකාරීන්ට පවතින ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට සහ අයිතිවාසිකම්වලට මෙම නව නීතිය ඔස්සේ බලපෑමක් ඇති කරන බැවින් ආණ්ඩුව එහි වර්තමාන අන්තර්ගතය පිළිබඳව නැවත සළකා බැලිය යුතුය. ඕනෑම නීතිමය ප්‍රතිසංස්කරණයකදී පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සහ ආරක්ෂාව සහතික කළ යුතුව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතා බලය ඔවුහු ආණ්ඩුව සමඟ බෙදාගනු ලබති. නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මෙම අරමුණු දෙකම සාක්ෂාත් කර ගැනීමට අසමත් වේ. ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පත තුළ, එමගින් ප්‍රතිස්ථාපනය කිරීමට අදහස් කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) වඩා නරක ලක්ෂණ කිහිපයක් පවතී.
අවාසනාවකට මෙන්, පවතින නීතියට ආදේශකයක් ලෙස නව නීති සම්පාදනය කළ පුද්ගලයන්ගේ මානසිකත්වයේ කිසිදු වෙනසක් නොමැති බව පෙනෙන්නට තිබේ. ඒ වෙනුවට, ත්‍රස්තවාදය පදනම් කරගෙන, දේශපාලන ක්‍රියාකාරීත්වය යටපත් කිරීමට අපේක්ෂා කරන මානසිකත්වයක ඇඟවුම් පවතින බව දැකගත හැකිය. යෝජිත කෙටුම්පතෙහි පවතින නරකම ලක්ෂණ අතර, රජයේ සහ පෞද්ගලික දේපළ පවා සොරකම් කිරීම මෙන්ම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගද ඇතුළත් ආකාරයෙන් පවතින, ත්‍රස්තSinh ක්‍රියාවන්ට සම්බන්ධ බවට “සාධාරණ සැකයක්” ඇති ඕනෑම අයකු වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගැනීමට නීතියෙන් පොලීසියට හෝ හමුදාවට හෝ වෙරළාරක්ෂක නිලධාරීන්ට අවසර ලබාදී ඇත.
පාර්ලිමේන්තුවේ පවතින ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත (ATA) සම්මත වීමත් සමඟ සිදු විය හැකි දේ පිළිබඳව දැනට ප්‍රතිවිරුද්ධ මත දෙකක් පවතී. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අප්‍රේල් 25 වැනිදා පැවැත්විය හැකි බව ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් පවසා ඇත. ආණ්ඩුවට එල්ල වී ඇති අන්තර්ජාතික සහ දේශීය බලපෑම් හේතුවෙන්, මෙම ප්‍රශ්නය සැළකිවයුතු කාලයකට කල් දැමීමට ආණ්ඩුව දැනටමත් තීරණය කර ඇති බැවින් මෙය සිදු නොවනු ඇතැයි තවත් සමහරු පවසති. අවම වශයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව එය ගෙන ඒමට හෝ යුරෝපා සංගමය විසින් ලබා දී ඇති ජීඑස්පී ප්ලස්(GSP+) තීරුබදු සහනය අහිමි වීමේ අවදානමක් අනාගතයේ සිදුවිය හැකි බවට එල්ලවන බලපෑම් හේතුවෙන්, නව ත්‍රස්ත විරෝධී පනත, එමගින් ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ කරන, දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා මතභේදාත්මක බව ඔප්පු වෙමින් පවතී.
විරෝධතා යටපත් කිරීම
පැවැති ආණ්ඩු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනිසි ලෙස භාවිත කර ඇති බව මානව හිමිකම් සංවිධාන සහ විදේශීය රාජ්‍යයන් පෙන්වාදී ඇත. ත්‍රස්තවාදයේ ගැටලුව විසඳීම සඳහා පටු ලෙස අර්ථ දක්වා ඇති මෙම නීතියේ සැළකිව යුතු වෙනස්කම් තිබිය යුතු බවට විශේෂයෙන් යුරෝපා සංගමය අනතුරු අඟවා තිබේ. ජීඑස්පී ප්ලස් සහනය ලබාදෙන්නේ, තම ජනතාව පීඩාවට පත්නොකරන, ඔවුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට අවංක කැමැත්තක් දක්වන සංවර්ධනය වෙමින් පවතින රටවලට ය. මේ මොහොතේ පවතින ආර්ථික අර්බුද මධ්‍යයේ, ලැබීමට නියමිත ආර්ථික ආධාර අහිමි වීම සහ ආර්ථික සම්බාධකවලට ලක්වීම රට මුහුණදිය හැකි නරකම තත්වය බව පෙන්වාදිය හැකිය.
නීතිඥ සංගමය සහ වෘත්තීය සංගම් සංවිධානය (OPA) ඇතුළු දේශීය හා අන්තර්ජාතික සංවිධානවල විවේචනයට ලක්ව ඇති යෝජිත කෙටුම්පතේ පවතින ප්‍රධාන ලක්ෂණය වන්නේ, එය විසින් සළකා බලනු ලබන විෂය පථය තුළ ක්‍රියාකාරකම් රාශියක් ‘ත්‍රස්තවාදය’ යටතට ගෙන ඒමයි. රජයේ ආර්ථික ක්‍රියාකාරකම්වලට සහ එමනිසා ජාතික ආර්ථිකයට ද බලපෑමක් ඇති කළ හැකි, සේවක අයිතියක් වන වෘත්තීය ක්‍රියාමාර්ග මෙයට ඇතුළත් වේ. ඒ අනුව යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ සැබෑ අරමුණ වන්නේ රටට එල්ල වන ත්‍රස්තවාදී ප්‍රහාර වැනි ‘ත්‍රස්තවාදයක්’ පාලනය කිරීම නොව, ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය දරන ප්‍රයත්නයන්ට එරෙහිව ක්‍රියාත්මක වන විරෝධතා ව්‍යාපාරය මැඩලීමේ උත්සාහයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම බව විශ්ලේෂකයෝ සහ විද්වත්තු ඒකමතිකව පිළිගනිති.
වසරකට පෙර විරෝධතා ව්‍යාපාරය මහමගට පැමිණීමෙන් පසු, තත්වයන් බොහෝ සේ වෙනස් වී ඇති අතර, වර්තමානය නීතිය හා සාමයේ පෙනුමින් සමන්විතය. වසරකට පෙර නිර්මාණයවූ දැඩි හිඟය වෙනුවට, සියලුම අත්‍යවශ්‍ය හා වෙනත් භාණ්ඩ නැවත වෙළඳපොළට පැමිණ තිබේ. පොහොර හිඟයෙන් ආරම්භ වූ විරෝධතා පසුව ඉන්ධන සහ ගෑස් හිඟයට එරෙහිව ක්‍රියාත්මකවූ අතර, අනතුරුව නිර්මාණය වූ ආහාර, ඖෂධ, ඉන්ධන හෝ විදුලිය යන මෙම සෑම හිඟයකටම තුඩුදුන්නේ ඩොලර් හිඟයයි. කලක් සමෘද්ධිමත්ව සිටි මධ්‍යම පන්තියේ සහ කම්කරු පන්තියේ සියයට 70ක් පිරිසේ ජීවන තත්ත්වය හදිසියේ සහ මුලුමනින්ම අනපේක්ෂිත ලෙස පහත වැටුණු අතර, ඔවුන්ගේ දෛනික ආහාර වේල් පවා කප්පාදු කිරීමට සිදුවීමට එරෙහිව දසදහස් සංඛ්‍යාත ජනතාවක් විරෝධතා දැක්වීම හේතුවෙන්, වීදිවල අවුල් සහගත තත්වයක් නිර්මාණය විය. මීට අමතරව, රටේ ජනගහණයෙන් හතරෙන් පංගුවක් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී ඇත.
සදාචාරාත්මක සාධාරණීකරණය
ජනතාවගේ සාධාරණ සහ නීත්‍යානුකූල ඉල්ලීම වන්නේ, රටේ දුප්පත්කමට වගකිවයුතු සහ මහජන මුදල් ගසාකන පුද්ගලයන්ට දඬුවම් ලබාදිය යුතු බවයි. ආර්ථික කඩාවැටීමෙන් පසු, ඕනෑම වගකිවයුතු ආණ්ඩුවකට, ආර්ථිකයේ පිරිහීම සහ අඛණ්ඩව ක්‍රියාකාරී නොවීම මෙන්ම, පාලනය විසින් ජනතාව මත පැටවූ දුක් වේදනා පිළිබඳ වගකීම භාරගැනීමට සිදුවනු ඇත. තම සාමූහික අනාගතය භාර දී ඇති ආණ්ඩුව, ආත්මාර්ථකාමී සහ සාධනීය නොවන ආකාරයෙන් හැසිරෙන්නේ නම්, ඊට එරෙහිවීමට ජනතාවට සදාචාරාත්මක අයිතියක් ඇත. පසුගිය වසර පුරාවට විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීමට සහ මහජන විරෝධය මැඩපැවැත්වීමට ආණ්ඩුව ආරක්ෂක හමුදා යොදා ගත්තේය. එසේම මිල ඉහළ යෑමේ සහ සමාජ සුබසාධන කප්පාදුවේ ප්‍රධාන බර ජනතාවගේ දුප්පත් කොටස් මත පැටවුණු, අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් මෙහෙයවනු ලබන ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලියක් ද ආරම්භ කළේය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ක‍්‍රමය පදනම් වී ඇත්තේ සියවස් තුනක අතීතයකට දිවෙන සමාජ ගිවිසුම් මත ය. මෙම න්‍යායන්ට අනුව, ජනතාවගේ යහපත සඳහා ඔවුන්ගේ අයිතිවාසිකම් සහ බැඳීම් ඉටු කිරීමට පොරොන්දු වන රජයට මිනිසුන් තම අයිතිවාසිකම් සහ නිදහසේ කොටස් ලබාදෙනු ලබයි. කෙසේ වෙතත්, කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා ආර්ථිකය කඩාවැටීමත් සමඟ, මෙම රාජ්‍ය වගකීම ඉටු වී නැත. මිල සියයට 100ත් 200ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස්, ජනතාවගේ ආදායම එලෙසම පැවතීම හෝ පහත වැටීම සිදුව තිබේ. පසුගිය වසරේ සියයට 09 කින් හැකිළුණු සහ මේ වසරේ සියයට 04 කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන, හැකිළෙන ආර්ථිකය තුළ මිනිසුන්ට රැකියා අහිමිවන තත්වයක් තුළ, රජය තුළ පවතින දූෂණයට සහ අවපාලනයට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බව දකින විට, ජනතාවට විරෝධය පළ කිරීමට නීත්‍යානුකූල අයිතියක් ඇත.
මූලික මානව හිමිකම් උල්ලංඝනය වන විට, ආණ්ඩුව එහි වගකීම භාරගැනීම ප්‍රතික්ෂේප කරමින් විපතක් හමුවේ ඉල්ලා අස්වන විට, නීතිමය හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පිළියම් සඳහා දොරගුළු වැසෙන විට, විරෝධතා පැවැත්වීම සදාචාරාත්මකව යුක්ති සහගත වේ. ආර්ථික කඩාවැටීමෙන් වසරකට වැඩි කාලයක් ගතවී ඇතත්, ජනතාවට විශ්වාසය තැබිය හැකි නව මහජන නියෝජිතයන් පිරිසක් ලබාගැනීමේ මැතිවරණයක හෝ ආර්ථිකය කඩාවැටීමට ලක්කළ පුද්ගලයන්ගේ වැරදිවලට දඬුවම් ලබාදීමේ ක්‍රියාවලියක ප්‍රගතියක් දැකිය නොහැක. එවැනි ආදර්ශමත් ක්‍රියා වෙනුවට සිදුවන්නේ, බදු වැඩිකිරීම් සහ රැකියා කප්පාදුව පිළිබඳ අවිනිශ්චිතතා නිර්මාණය කෙරෙමින්, ජනතාව මත වඩ වඩාත් ආර්ථික බර පැටවීමයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් තවත් ණය ලබාගෙන ඇති අතර, එම සම්පත් වෙන්කර වියදම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ තීන්දු තීරණ ගනු ලබන්නේ, රට වත්මන් තත්ත්වයට ගෙන ඒමට මූලික වූ එකම කණ්ඩායමයි. ඔවුන් අතීතයේ ක්‍රියාකළ ආකාරයට නැවත කටයුතු නොකරනු ඇතැයි සහතික කිරීමට කිසිදු සාධකයක් නැත. ඔවුන්ව වගවීමකට ලක්කර හෝ බලතලවලින් ඉවත් කර නැත. ත්‍රස්ත විරෝධී පනත විසින් මර්දනය කිරීමට උත්සාහ කරන විරෝධතා ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා පවතින මූලික සදාචාරාත්මක යුක්තිසහගත කිරීම් වන්නේ ඉහත තත්වයන්ය.