පසුගිය වසරේ මැයි මස 09 වනදා ගෝඨාගෝ ගම සාමකාමී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙක් ලෙස බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර තිබෙනවා.
නීතිපතිවරයා විසින් මෙම නම් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය ද දැනුවත් කර ඇති බවද පැවසේ.
මේ අනුව නඩුවේ ඉදිරි කටයුතුවලදී දේශබන්දු තෙන්නකෝන් මහතා එම ප්‍රහාරයේ සැකකරුවෙක් ලෙස අධිකරණය හමුවට ගෙන්වීමට නියමිතයි.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වගකිවයුතු ආකාරය අවස්ථා ගණනාවක දී අනාවරණය වී තිබුණා.
මේ අතර මැයි 9 වනදා ගාලු මුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 31 දෙනෙක් නම් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
ඊට අමතරව රටේ අනෙක් ප්‍රදේශවලට පැතිර ගිය ප්‍රචණ්ඩත්වයට ඉඩ සැලසීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නඩු පවරන ලෙසද නීතිපතිවරයා දැනුම් දී ඇති බව සඳහන්.
කෙසේ නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ සහ රෝහිත අබේගුණවර්ධන යන අයට එරෙහිව චෝදනා ගොනු නොකිරීම විශේෂත්වයක්.
එසේම දේශබන්දුව මෙම සිදුවීමේ සැකකරුවෙක් ලෙස නම්කිරීම සම්බන්ධයෙන් විවිධ මත පලවෙමින් තිබේ. ඇතැම් පිරිස් පවසන්නේ පොහොට්ටුවේ පිරිස් සහ රනිල් අතර පවතින ගැටුම මේ හරහා ප්‍රකාශ වෙන බවයි. දේශබන්ධු පොහොට්ටු ආණ්ඩුවේ බත්බැලයෙකු බව ප්‍රසිද්ධ කරුණකි. ඔහුට සියලු වරදාන වරප්‍රසාද ලැබුනේ ඒ වෙනුවෙනි. දැන් බලය වෙනස් වී ඇති නිසා ඇත්තේ වෙනස් තත්ත්වයකි.
මෙලස චෝදනා ගොනු කර ඇති අනෙක් පුද්ගලයින් 31 වන්නේ,
Liyanarachchige Nishantha Mendis
Suduwadewage Subash Jayashantha Fe ando
Sinhara Amal Pushpakumara de Silva
Vithana Pathiranage Milan Sajith Jayathilaka
Kurugamage Sanath Nishantha Perera
Liyanage Abeyratne Suresh Priyasath alias Dan Priyasath
Wannakuwaduge Samanlal Fe ando
Sameera Chaturanga Ariyaratne
Gamlath Jayantha Rohana
Liyanage Geethaka Perera
Jayamanna Kankanamlage Bandula Wiiekumara
Pushpalal Kumarasiri
Amithananda Abeywickrema
Kompannage Mini Prashanthi Fonseka alias Welle Ramani
Asanka Nayaka Wiiesinghe alias Satha Nalaka alias Arabi Wasantha
Kespalage Don Aruna Priyashantha
Aiantha Liyanage
Goniyamalige Supemsiri Aponso
Samarakkodi Jayalath Wasantha Sarojini Jayalath alias Handapangoda
Thelge Ariyadasa Peiris
Keerigama Pamunuwage Narendra Dulip Fe ando
Kahadagamage Mahindaratne
Nishantha Chamin Upatissa Jayasinghe
Jhonston Fe ando
Kuruppuarachchige Don Sajith Saranga
Ranabahu Mudiyanselage Thusitha Sampath Nanayakkara
Horanage Pradeep Shriyantha Fe ando
Liyanage Shanaka Antony Fe ando
Mahawattage Priyanath Mackenzy Fe ando
Babina Hannadige Gayan Pushpakumara Peiris
Kapuwattagedera Prageeth Sujeewa Bandara
Kuruppu Mudiyanselage Lalith Udesh Madhubhanu