පන්නපු ජනාධිපති රැකීමට තවදුරටත් ‘ජනතා බදු මුදල්’

ජනතාව විසින් පන්නා දැමු ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මාසිකව ජනතා බදු මුදල් නම ලක්ෂ පනස් දහසක් ලබාදෙන බව වාර්තා වේ. ඊට අමතරව ඔහුගේ පාවිච්චිය සඳහා වාහන 19ක් ද ලබදී තිබේ.

මේ බව හෙළිව ඇත්තේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි. එම අවස්ථාවට සහභාගී වූ මාධ්‍යවේදියෙකු තමන් ජනාධිපති කාර්යාලයෙන් ඒ සම්බන්ධ තොරතුරු ලබාගත් බව අනාවරණය කර තිබේ.

රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමටවත් මුදල් නොමැති අවස්ථාවක එවැනි ජනතාව විසින් පන්නා දැමූ ජනාධිපති වෙනුවෙන් එවැනි වියදමක් දැරීමට හේතු විමසීමේදී කැබිනට් ප්‍රකාශක ඇමති බන්ධුල ගුණවර්ධන පවසා ඇත්තේ රටේ සමස්ථ වියදම් දෙස බැලීමේදී එය කුඩා වියදමක් බවයි. එවැනි කුඩා වියදම් කැපීමෙන් වැඩක් නොවන බවද ඔහු පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...