Breaking News

පන්නපු ජනාධිපති රැකීමට තවදුරටත් ‘ජනතා බදු මුදල්’

ජනතාව විසින් පන්නා දැමු ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මාසිකව ජනතා බදු මුදල් නම ලක්ෂ පනස් දහසක් ලබාදෙන බව වාර්තා වේ. ඊට අමතරව ඔහුගේ පාවිච්චිය සඳහා වාහන 19ක් ද ලබදී තිබේ.

මේ බව හෙළිව ඇත්තේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි. එම අවස්ථාවට සහභාගී වූ මාධ්‍යවේදියෙකු තමන් ජනාධිපති කාර්යාලයෙන් ඒ සම්බන්ධ තොරතුරු ලබාගත් බව අනාවරණය කර තිබේ.

රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමටවත් මුදල් නොමැති අවස්ථාවක එවැනි ජනතාව විසින් පන්නා දැමූ ජනාධිපති වෙනුවෙන් එවැනි වියදමක් දැරීමට හේතු විමසීමේදී කැබිනට් ප්‍රකාශක ඇමති බන්ධුල ගුණවර්ධන පවසා ඇත්තේ රටේ සමස්ථ වියදම් දෙස බැලීමේදී එය කුඩා වියදමක් බවයි. එවැනි කුඩා වියදම් කැපීමෙන් වැඩක් නොවන බවද ඔහු පවසා තිබේ.

leave a reply