කඩිනමින් නඩු අහන්න කොළඹ 07 තවත් අධිකරණ හතරක්

2025 – 2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්මට අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව අධිකරණ කිහිපයක් ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවක් ඔක්තෝම්බර් 27 වන දා පැවැති කැබිනට් හමුවේදී අනුමැතිය ලැබී තිබේ . කඩිනමින් නව මහාධිකරණ හතරක් ස්ථාපිත කිරීම සඳහා දැනට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය භාරයේ පවතින පහත ලිපිනයන් සඳහන් ගොඩනැගිලි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය වෙත භාරදීමට නියමිතයි .

ඒ අනුව පහත සඳහන් ලිපිනයන් ඇති ස්ථාන හතර නව අධිකරණ ස්ථාපිත කිරීම සඳහා ඉදිරියේදී යොදා ගැනීමට නියමිත ය.

අංක B 88, ග්‍රෙගරි පාර, කොළඹ 07.
අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07. ‍
අංක B 108, විජේරාම පාර, කොළඹ 07.
අංක B 12, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, කොළඹ 07.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...