කඩිනමින් නඩු අහන්න කොළඹ 07 තවත් අධිකරණ හතරක්

2025 – 2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්මට අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව අධිකරණ කිහිපයක් ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවක් ඔක්තෝම්බර් 27 වන දා පැවැති කැබිනට් හමුවේදී අනුමැතිය ලැබී තිබේ . කඩිනමින් නව මහාධිකරණ හතරක් ස්ථාපිත කිරීම සඳහා දැනට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය භාරයේ පවතින පහත ලිපිනයන් සඳහන් ගොඩනැගිලි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය වෙත භාරදීමට නියමිතයි .

ඒ අනුව පහත සඳහන් ලිපිනයන් ඇති ස්ථාන හතර නව අධිකරණ ස්ථාපිත කිරීම සඳහා ඉදිරියේදී යොදා ගැනීමට නියමිත ය.

අංක B 88, ග්‍රෙගරි පාර, කොළඹ 07.
අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07. ‍
අංක B 108, විජේරාම පාර, කොළඹ 07.
අංක B 12, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, කොළඹ 07.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...