Breaking News

IMF අරමුණ කෙටියෙන්

නජිත් ඉන්දික

IMF විසින් නිකුත් කළ ශ්‍රී ලංකාව සම්බන්ද වාර්තාවට අනුව, IMF වැඩසටහන ශ්‍රී ලංකාව සඳහා පුරෝකථනය කරන්නේ කුමක්ද?

  1. රාජ්‍ය ණය ප්‍රමාණය 2026 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 106% වීම. 2020 දී එය 104% කි.

  2. ජංගම ගිණුමේ ශේෂය අඩු කිරීම. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් -1.4% ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2020 දී ද එය එසේම විය.

  3. ජාතික ආයෝජන ප්‍රමාණය 2020 මට්ටමට වඩා පහත වැටීම. එය 30. 7% ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර 2020 දී එය 33.7 ක් විය

මෙයින් සරලව අදහස් කරනු ලබන්නේ IMF විසින් යෝජනා කරණ වැඩසටහනේ “ණය ප්‍රතිව්‍යුහගතකරණය” වෙනුවෙන් අපිට නැවතත් උරුම වන්නේ වැඩි ණය, අඩු ඉපැයීම් සහ අඩු ආයෝජන සහිත අස්ථාවට ආර්ථිකයකි.
එනම් මේ සියළු වන්දි ගෙවීම් හරහා අපි ගමන් කරනු ලබන්නේ මේ අර්බුදයෙන් ඉදිරියට නොව, 2021 අවසානයේ පුපුරා ගිය අර්බුදයේ උපරිම මොහොත වන 2020 වන විට අප සිටි අස්ථාවර ස්ථානයටම ය.

ලංකාවේ ජනතාව IMF සහ එහි දේශීය නියෝජිතයන් වන රනිල් සහ නන්දලාල් වැන්නන් යෝජනා කරන සියළු දුෂ්කරතා දරාගෙන, ඒ වෙනුවෙන් සියළු වන්දීන් සමාජයක් ලෙස ගෙවනු ලැබුවත් අප නැවත නැවතත් මේ බංකොලොත්භාවයේ විෂම චක්‍රයට ඇතුලත් වීම අනිවාර්යක් ම වේ.

නජිත් ඉන්දික

leave a reply