IMF අරමුණ කෙටියෙන්

IMF විසින් නිකුත් කළ ශ්‍රී ලංකාව සම්බන්ද වාර්තාවට අනුව, IMF වැඩසටහන ශ්‍රී ලංකාව සඳහා පුරෝකථනය කරන්නේ කුමක්ද?

  1. රාජ්‍ය ණය ප්‍රමාණය 2026 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 106% වීම. 2020 දී එය 104% කි.

  2. ජංගම ගිණුමේ ශේෂය අඩු කිරීම. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් -1.4% ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2020 දී ද එය එසේම විය.

  3. ජාතික ආයෝජන ප්‍රමාණය 2020 මට්ටමට වඩා පහත වැටීම. එය 30. 7% ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර 2020 දී එය 33.7 ක් විය

මෙයින් සරලව අදහස් කරනු ලබන්නේ IMF විසින් යෝජනා කරණ වැඩසටහනේ “ණය ප්‍රතිව්‍යුහගතකරණය” වෙනුවෙන් අපිට නැවතත් උරුම වන්නේ වැඩි ණය, අඩු ඉපැයීම් සහ අඩු ආයෝජන සහිත අස්ථාවට ආර්ථිකයකි.
එනම් මේ සියළු වන්දි ගෙවීම් හරහා අපි ගමන් කරනු ලබන්නේ මේ අර්බුදයෙන් ඉදිරියට නොව, 2021 අවසානයේ පුපුරා ගිය අර්බුදයේ උපරිම මොහොත වන 2020 වන විට අප සිටි අස්ථාවර ස්ථානයටම ය.

ලංකාවේ ජනතාව IMF සහ එහි දේශීය නියෝජිතයන් වන රනිල් සහ නන්දලාල් වැන්නන් යෝජනා කරන සියළු දුෂ්කරතා දරාගෙන, ඒ වෙනුවෙන් සියළු වන්දීන් සමාජයක් ලෙස ගෙවනු ලැබුවත් අප නැවත නැවතත් මේ බංකොලොත්භාවයේ විෂම චක්‍රයට ඇතුලත් වීම අනිවාර්යක් ම වේ.

නජිත් ඉන්දික

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...