සිප ගමු අපි අපේ මධු බඳුන

“අතීතේ කියා දෙයක් අතීතේට කොයින්ද
හිත අරන් ගියත් මායාව නතර වෙන්නේ කොහේද“

කරමු අපි සංවාද
තරහ ද කියන්න
විසංවාද යි තමයි
මම මටම
ඔබ ඔබටම
අපි අපිටම

ඒත් එදා අද නෙවෙයිනෙ
අද එදා නෙවෙයිනෙ
හෙට හෙටත් නොවෙයි

ආදරය
ගින්දර වගේ උණුහුම්
ඇවිලෙන්නෙ නැති වෙයි
පුළුං
තෙතමනයෙන් බරයි

බීර බඳුනක්
විස්කි වීදුරුවක්
ගින්දර දෙපස
සීතලත් නැති කර
තොල තෙමයි

ආදරය
ආදරයක් වෙන්න
හදවත පහුකරං
හිසම බර කරයි
යටි තලය අවුස්සයි

ආදරයත් දේශපාලනිකයි
ඒක කියන්න එදා අපි බයයි
ආදරය ආත්මාර්ථකාමියි
හංගල ගන්නෙ ඇයි

සියයට සියයක්
අඩුම ගණනේ සියයට පණහක්
හදවතට බැරිනම්
සීමාවකට එන්නට
සීමාන්තිකව තරහ නොවී
සංවාද කරමු
දේශපාලනය හැරෙවි ආදරයට
නැත්තම් ආදරය කියාවි
හැරෙන්නට ඕන තැන

සංවාද කරමු
දේශපාලනයේ ආදරයට
ගින්දර මැදිකර

මුණට වදින එලියේ
සිතුවම් කරන රාගයේ හැඩතල
අඩ අඳුරින් රාමුකර
සිප ගමු අපි අපේ මධු බඳුන
හෙමීට හෙමීට තොලගාන

 

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...