Breaking News

ජනමතවිචාරණ ව්‍යවස්ථා සංශෝධන හරහා ඉෂ්ට වෙන්නේ ජනිතා අභිලාෂයන්ද

තීමස් විජිත්

Partito dei Comitati di Appoggio alla Resistenza – per il Comunismo (CARC) කොමියුනිස්ට්වාදය සඳහා සහාය දැක්වීමේ විකල්ප කමිටු පක්ෂය විසින් ජනමතවිචාරණයට පෙර පල කල ලිපියක් වන මෙහි ඇති වැදගත්කම සලකා මෙසේ ඵල කරමු.

ඇයි ජන්දය ඔව් කියා දැමිය යුත්තේ
ඉතාලි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව කප්පාදු කිරීම පිළිබඳ තහවුරු කිරීමේ ජනමත විචාරණය සැප්තැම්බර් 20 සහ 21 යන දිනවල සිදු සිදු උනා . ජනමත විචාරණ ව්‍යාපාරයේ අන්තර්ගතය පන්ති අවශ්‍යතා අනුව රටේ අනාගතය ගැන සිතීමට කැමති අය නොමග යවනවා .

එම කප්පාදුවට එකග ආධාරකරුවන් (එනම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට) පක්ෂව සිටින අය ජයග‍්‍රහණය කල හොත් රාජ්‍ය භාණ්ඩාගාරය සඳහා එයින් මුදල් ඉතිරි කිරීම සහ ආයතනවල වැඩි කාර්යක්ෂමතාව පිළිබඳ පරිකල්පනීය නිබන්ධනයන් මූර්තිමත් කරති.

එසේ එවන් කප්පාදුවකට අකමැති ආධාරකරුවන් පවසන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව අඩු කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පහරදීමක් වන බවත් එයින් තෝරාගත් සුළු පිරිසකට බලය වැඩි වශයෙන් කේන්ද්‍රගත කිරීමට ඉඩ සලසන අතර එය ඒකාධිපතිත්වයට පාර කපන බවයි.

දේවල මතුපිටින් ඔබ්බට ගියහොත්, සැප්තැම්බර් 20 සහ 21 ජනමත විචාරණය කම්කරුවන්ගේ හා මහජන සංවිධානවලට මැදිහත් වන කොමියුනිස්ට්වාදීන්ට ඔවුන්ගේ සංකල්පය සහ ඔවුන්ගේ භූමිකාව ශක්තිමත් කිරීම සඳහා මැදිහත් විය හැකි මෙවලමක් කරගත හැකිය.

ඔවුන්ගේ මැදිහත්වීම තුලින් පියවරෙන් පියවර තම ශක්තිය උපයෝගී කරගනිමින් ධනේශ්වරයට සහ එහි දේශපාලන රංගනයට ගොදුරුවන පහල පංතිය ඉන් මුදවාගෙන සමාජවාදය දෙසට උපාමාරු කිරීමේ මෙවලමක් ලෙස උපයෝගී කර ගැනීමට හැකි බවයි.

ජනමත විචාරණයේ උත්පත්ති සහ එහි දේශපාලන වටිනාකම.

තරුපහ ව්‍යාපාරය විසින් 2018 දී මිලියන ගණනක් ජන්ද රැස් කරමින්, රටේ පළමු පක්ෂය බවට පත්විය. ඒ සඳහා බහු ජනතාවගෙන් බහුතරයක් තුල ඒ වන විට පැවති අතෘප්තිය සහ අපේක්ෂාවන් හේතු විය. එහෙත් තරුපහ ව්‍යාපාරය සහ ලේගා රජය පිහිටුවීම යනු එම පුළුල් ජනතාවගේ බලාපොරොත්තු බිඳවට්ටමින් ජනතා අපේක්ෂා උල්ලංගනය කල එතෙක් පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය හා බෙර්ලූස්කෝනිගේ ෆෝර්ස ඉතාලියා ආණ්ඩු පසුගිය දසකය තුල පවත්වාගෙන ආ මැද වාමාංශික හා මැද දක්ෂිණාංශික ආණ්ඩුකරනයට වෙනසක් කිරීමට අසමත්වීමෙනි.

තරුපහ ව්‍යාපාරය අතීතය බිඳ දැමීමේ පියවරක් ලෙස, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව අඩු කරන බවට පොරොන්දු විය. එය විශේෂිත පාර්ලිමේන්තු ක‍්‍රියාවලියක් අවශ්‍ය වන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් වේ. එය අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරයක් ප‍්‍රමාණවත් නොවන අතර, තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වේ. තරුපහ ව්‍යාපාරයෙහි සාර්ථකත්වයත් සමගම, මුලින් ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට විරුද්ධ වූ පක්ෂ විවිධ හැල හැප්පීම් වාද විවාධ මත තම ජනප‍්‍රියතාවය හීනවේයැයි බියෙන් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුග‍්‍රහය ලබාදුනි. ඒ අනුව මෙම නීතිය තුනෙන් දෙකක බහුතරයකින් තොරව සම්මත වූ අතර 2019 ඔක්තෝබර් 12 වන දින එය නිල ගැසට් පත‍්‍රයේ ප‍්‍රකාශයට පත් කරන ලදී. තුනෙන් දෙක නොලැබීමෙන් මෙය පාර්ලිමේන්තුවේ සම්මත නොවූ අතර එය සම්මත වීමට නම් තහවුරු කළ හැකි ජනමත විචාරණයකට එළඹීම අනිවාර්යය විය. මාස තුනක කාලයක් එය ඉදිරිපත් කල යුතු විය. ජනමත විචාරණයට අවශ්‍ය අත්සන් 500,000 ක් ලබා ගැනීමට රැඩිකල්වාදීන් අසාර්ථක උත්සාහයක නිරත වූ අතර, පීඞී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සහ ෆෝර්සා ඉතාලියා මංත‍්‍රීවරු දෙදෙනෙකුගේ මූලිකත්වයෙන් 2020 මාර්තු 29 දිනට පෙර ජනමත විචාරණ ඉල්ලීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අත්සන් 71 ක් ඉදිරිපත් කරන ලදී. කෝවිඞ් *19 හේතුවෙන් සැප්තැම්බර් 20 සහ 21 දක්වා එය කල් තබන ලදී.

තරුපහ ව්‍යාපාරය 2018 මහ මැතිවරණයෙන් ඡුන්ද මිලියන ගණනක් ලබා ගැනීමෙන් පසුව බොහෝ දේ වෙනස් වී ඇත. විශේෂයෙන්ම තරුපහ ව්‍යාපාරය විසින් තමන් දුන් පොරොන්දු ඉටුකිරීමට හැකියාවක් නොමැති බව ඔවුන් විසින්ම ඔප්පු කරමින් සිටින අතර එය ධනේෂ්වර පක්ෂවල දේශපාලන ක‍්‍රමයට නැවත සම්බන්ධ කර ගැනීමට අඛණ්ඩ උත්සාහයන්ට ලක් විය. ජනමත විචාරණය යනු තරුපහ ව්‍යාපාරයේ ක‍්‍රම විරෝධී පොරොන්දු අතර ඉතිරිව ඇති දේවල ප‍්‍රකාශනයකි. ඒ අතරම සාම්ප‍්‍රදායික වම සහ දකුණ එය දුර්වල කිරීමටත්, එය ඔවුන්ගේ ලයින් එකට එක් කර ගැනීමටත් එය නිශ්චිතවම අවශෝෂණය කර ගැනීමටත් උත්සාහ කරයි. වෙනත් වචන වලින් කිවහොත්, ජනමත විචාරණයේදී නැත යන ස්ථාවරය දරණ සාම්ප‍්‍රදායික පාලක පංතියේ උත්සහය වී ඇත්තේ 2018 දී තරුපහ ව්‍යාපාරය වෙත ඡුන්දදායකයින් විශාල ප‍්‍රමාණයක් ඇදී යාමෙන් පාලක පන්තියේ දේශපාලනයට සිදුවූ හානිය ප‍්‍රතිපූර්ණය කරමින් ඔවුන් නැවත තමන් වෙතට ඇද ගැනීමේ උත්සාහයයි. මේ හා සසඳන විට ජනමත විචාරණයේදී ඔව් යන්න පෙනී සිටින පාලක පංතියේ කොටසක් වන (සැල්විනි සහ ලෙගා, මෙලෝනි සහ එෆ්ඞීඅයි) පක්ෂයන්ගේ අරමුණ වන්නේ ජනතාව තුල තිබෙන අතෘප්තිය භාවිත කරමින් ජනතා කැමැත්ත දිනා ගැනීමට පිම්මක් පැනීමයි. කිහිප වතාවකම ඔවුන් විසින් පෙන්වා දී ඇති පරිදි රැුඩිකල් ප‍්‍රචාරණවාදය භාවිත කිරීම මේ මොහොතේද ඔවුන්ගේ උපක‍්‍රමය වී තිබේ.
2. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රගතිශීලී කොටස් ක‍්‍රියාත්මක කිරීමේ සටන.

ආණ්ඩුක්‍‍්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව කප්පාදු කිරීම අප විසින් වැළැක්විය යුතු බව ජනමතවිචාරණයේ නෑ යන ආධාරකරුවන් පවසන නමුත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව අඩු කිරීමකින් තොරව වුවද, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පුළුල් ලෙස, පුරුද්දක් ලෙස, ගැඹුරින් මගහැර, උල්ලංගනය කර, ප‍්‍රතිගාමී අර්ථයකින් වෙනස් කර ඇති අවස්ථා එහි ආරම්භයේ සිටම පාලක පංතීන්ගේ කැමැත්තට අනුව එය අවභාවිතයේ යොදා ඇති තත්වයක් නිරීක්ෂණය කල හැක.
ඊට පටහැනිව අර්ථ නිරූපණය නොකළ විට මහජන ව්‍යාපාරයේ අවශ්‍යථාවන්ට අනුව එකදු වගන්තියක්වත් ඊට එක්ව නැත. පොදු ජනතාවගේ දේශපාලන, සමාජීය හා ප‍්‍රජා ජීවිතයේ සෑම අංශයක්ම පාහේ මෙම සංසිද්ධිය කෙරෙහි බලපායි. වැඩ කිරීමේ අයිතිය උල්ලංගනය කිරීමේ සිට සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස සඳහා ඇති අයිතිය දක්වාත් ජාත්යන්තර ගැටළු සහ ප්රතිවිරෝධතා විසඳීම සඳහා ඉතාලිය යුද්ධයට යාම තහනම් කරන 11 වන වගන්තිය, නේටෝවට සම්බන්ධ වීමෙන් පසුව මග හැරී ඇත, යුරෝපා සංගමය විසින් වයවස්ථාව අවුල් කර ඇත (නිදසුනක් වශයෙන්, සමබර අයවැයක් හඳුන්වා දීම ඉල්ලා සිටීම සහ ලබා ගැනීම).

සමීපව පරීක්ෂා කර බැලීමේදී, පාලක පන්තියේ අවශ්‍යතාවන්ට හිතකර නොවන විට ජනමත විචාරණ ද ප‍්‍රතික්ෂේප කරනු ලැබීය (2011 දී ජලය ජනතා අයිතියක්ය යන්න තහවුරු කිරීම සඳහා වූ ජනමත විචාරණය බලන්න).

හිස් කවචයක් ආරක්ෂා කිරීමට පොදු ජනතාවට කිසිදු උනන්දුවක් නැත. හිස් කවචය ආරක්ෂා කිරීම යනු පවතින ක‍්‍රමයට අනුගත වීමකි. සාරාංශයක් ලෙස පසුගිය දශක කිහිපයේ අරගලයන් තුලින් පොදු ජනතාව විසින් දිනාගත් අයිතිවාසිකම් සහ ජයග‍්‍රහණ එකින් එක තුරන් කිරීම සිදුවිය. එබැවින් ප‍්‍රශ්නය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හිස් කවචය ආරක්ෂා කිරීම නොව, සෑම විටම මග හැරී ඇති හෝ උල්ලංගනය කර ඇති ප‍්‍රගතිශීලී ජනතා අයිතීන් ක‍්‍රියාත්මක කිරීමට සටන් කිරීමයි.

තීමස් විජිත්

leave a reply