පොහොට්ටුවේ නැගිටීමට ‘ඉහළ’ ජනතා ප්‍රතිචාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (08) කළුතරදී හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජන රැළියක් පවත්වා තිබෙනවා.

“එක්ව නැගිටිමු – කළුතරින් පටන්ගමු” මැයෙන් පැවති මෙම රැළිය සංවිධානය කර තිබුණේ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින්.

රටේ උද්ගතවූ ජනතා අරගලය හමුවේ පසුගිය මැයි 09 වනදා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවකදී ජනතාව ඇමතීමට මෙසේ පැමිණියේ පළමු වරට‍යි.

එහිදී කෙටියෙන් ජනතාව අමතා අදහස් පළ කළ ඔහු මේ වනවිට අභියෝග රාශියකට තමන් මුහුණ දෙමින් සිටියත් ඒ අභියෝග සියල්ල ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ශක්තිය තමන් සතුව ඇති බව සඳහන් කර සිටියා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරියවසම්, පියල් නිශාන්ත ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කෙසේවෙතත් මෙම ජන රැළිය සජීවී ලෙස විකාශය කළ අවස්ථාවේ බොහෝ දෙනෙක් එයට උපහාසාත්මක ප්‍රතිචාර එල්ල කර තිබීම ගැන කතා බහක් ඇතිව තිබෙනවා. අවසානයේ එම සජීවී විකාශය මෙහෙයවන පුද්ගලයන් විසින් ජනතාව විසින් දක්වන අදහස් මකා දමා තිබෙනු දැකිය හැක. ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයන් සඳහා නැවත වේදිකාවක් හදා ගැනීම පොහොට්ටුවේ අරමුණ වී ඇති බව පෙනේ. නමුත් ජනතා ප්‍රතිචාරයෙන් පෙනී යන්නේ පොහොට්ටුවට එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවනු ඇති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...