ඉඩම් කොල්ල කන අලුත්ම විදිහා ආගම මුල් කරගෙන කොන්ක්‍රීට් කඳු ගැසීම

ගල්බෝර දමා බතලේගල කඳු මුදුනේ ගොඩනැගිලි හදයි!

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක පිහිටි සංචාරක ආකර්ෂණය දිනු බතලේගල කන්ද මුදුනේ සිදුකරන ගොඩනැගිලි ඉදිකිරීම් නිසා දැඩි පාරිසරික හානියකට මුහුණදෙමින් ඇත.

මුහුදු මට්ටමේ සිට අඩි 2780ක් උසින් පිහිටි මෙම කඳු මුදුන මත මෙම ඉදිකිරීම් කරගෙන යයි. අක්කර 150ක් පුරා පැතිර ඇති රක්ෂිත ප්‍රදේශයක් වන මෙයින් අක්කර 6ක් පන්සලක් සඳහා වෙන්කර ඇත. මෙම ඉදිකිරීම් සිදුවන්නේ එම පන්සල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ලෙසය.

වඳවෙමින් යන සත්ව හා ශාක විශේෂ කීපයක් පවා හමුවන බතලේගල ගල මේවන විටත් තැනින් තැන බෝර දමා පුපුරවා තිබේ. බතලේගල නැරඹීමට දිනපතා පැමිණෙන සංචාරකයන් ලවා කඳුමුදුනට වැලි සහ තවත් ගොඩනැගිලි ද්‍රව්ය අද්දවා ගන්නා අතර හමුදා සොල්දාදුවන් කීප දෙනෙක්ද මේ සඳහා යොදවා ඇත. එසේ ගොඩනැගිලි ද්‍රව්ය ගෙන යාම නොකරන සංචාරකයන්ට කඳුමුදුනේ වැඩවසන ස්වාමීන් වහන්සේ බැණවදිමින් තර්ජනය කිරීමද දැකිය හැකි විය.

පසුගිය වසර කීපය තිස්සේ බතලේගල පිහිටි ගුහා තුල දැකිය හැකි දිය උල්පත් ක්‍රමයෙන් වේලියන බවද දැකිය හැක. මෙම පර්වතයට මුහුණලා පිහිටි සාමසර කන්ද නායයාමේ මතකය මැකීයාමටත් පෙරම බතලේගලට සිදුකරන මෙම විනාශය තවත් නායයාම් විපත් සඳහා අතවැනීමක්ද විය හැක. ආගමික බලහත්කාරයේ ස්වරූපයෙන් සිදුකරන මෙම පරිසර විනාශයට එරෙහිව හඬ නැගිය යුතු අතර වගකිව යුතු පාර්ශව ප්‍රශ්ණ කල යුතුය.

Sobadaham Pasala සොබාදහම් පාසල

Share post:

Popular

More like this
Related

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...

” දෝරේ ගිය කිරි කඳුළ ” දොරට වැඩුම සැප්තැම්බර් 05

ලේඛිකා රංජනී සෝමචන්ද්‍ර විසින් රචිත" දෝරේ ගිය කිරි කඳුළ...