විනාශකාරී යුක්‍රේන – රුසියා යුද්ධය ආරම්භ වී වසරක් සම්පූර්ණ වෙයි

යුක්‍රේනය සහ රුසියාව අතර යුද්ධය ආරම්භ වී වසරක් ගතව තිබේ. මෙය එම රටවල් දෙක අතර යුද්ධයක් ලෙස පෙනුනද ඇත්තටම මෙය ඇමරිකාව ප්‍රමුඛ බලවත් රටවල් රුසියාවට එරෙහිව දියත්කළ යුද්ධයක් විය.

යුද්ධය හේතුවෙන් දහස් ගණනක් දෙනා මියගොස් ඇති නමුත් නිල හමුදා සංඛ්‍යා ලේඛන නිකුත් කිරීමට දෙපාර්ශ්වයම මැලිවෙති. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයයට (OHCHR) අනුව, 2023 පෙබරවාරි 13 දා වන විට යුක්රේනයෙන් සිවිල් වැසියන්ගේ මරණ 7199ක් සහ තුවාල ලැබූවන් 11756ක් වාර්තා වී තිබේ.

එනමුත්, “දරුණු සටන් පැවැති ඇතැම් ස්ථානවලින් තොරතුරු ලැබීම ප්‍රමාද වී ඇති අතර බොහෝ වාර්තාවන් ද තවමත් තහවුරුකර නොමැති බැවින් සැබෑ සංඛ්‍යාවන් සැලකිය යුතු ලෙස වැඩිවනු ඇතැ යි විශ්වාස” කරන බව එම සංවිධානය ප්‍රකාශ කළේ ය.

රුසියානු ආක්‍රමණයෙන් පසු, මිලියන 44ක් පමණ වන යුක්රේන වැසියන්ගෙන් මිලියන 7.7ක් පමණම සරණාගතයින් ලෙස රුසියාව ද ඇතුළුව යුරෝපය පුරා විවිධ රටවලට සංක්‍රමණය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය (UNHCR) වාර්තාකර ඇත. මිලියන හතකට ආසන්න ජනගහණයක් යුක්රේනය තුළ ද අවතැන්ව සිටිති.

රුසියාවෙන් පසු සරණාගතයින් බහුතරයක් පළාගොස් ඇත්තේ පෝලන්තය, ජර්මනිය සහ චෙක් ජනරජය වෙත ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම තත්ත්වය විස්තර කළේ, “දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව සිදුකෙරුණු වේගවත්ම ජනගහණ සංක්‍රමණය (බලහත්කාරයෙන්)” ලෙස ය.

යුක්රේන ප්‍රතිප්‍රහාරයෙන් පසු බොහෝදෙනා ආපසු කියෙව් වැනි නගර වෙත ගිය නමුත්, වසන්තය ලබන තුරු ආපසු නොපැමිණෙන ලෙස යුක්රේන රජය සරණාගතයින්ගෙන් ඉල්ලා සිටියේ ය. ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර නිසා දැඩිසේ හානිවී ඇති විදුලිබල පද්ධතියට ඇතිවන පීඩනය උණුසුම් කාලගුණය නිසා පහත වැටෙනු ඇතැ යි ඔවුහු බලාපොරොත්තු වෙති.

බොහෝ යුක්රේනියානු සරණාගතයින්ට යුරෝපය පුරා රටවලින් උණුසුම් පිළිගැනීමක් ලැබුණු නමුත්, දිගින් දිගටම පැවතෙන යුද්ධය සහ ගෝලීය ජීවන වියදම් අර්බුදය ද මධ්‍යයේ එම රටවල් තව කොතරම් කාලයක් එය සිදුකරනු ඇද්ද යන්න ගැන ගැටලුවක් ඇතිව තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...