බත්කූරා මිය ගියා

ඉස්සරම දවසක
මම නුඹට තිළිණ දුන්
මියගිය බත්කූරා
දැන් ඇත්තටම
මිය ගිහින් ඇති…

අර රතු පාට බත්කූරා
පේරාදෙණියෙන්
අහුලන් ආපු
නුඹේ පරිගණක තිරයේ
එල්ලි එල්ලී හිටියේ
සෑහෙන කාලයක්
මතකද ඒ කාලේ..
සිකුරාදා මං එනකල්
බලා සිටි කාලේ….
උගේ පිහාටු කුඩුවත්
දැන් නුඹ ගාව නැතිව ඇති

ඒ බත්කූරා
දිනක නුඹ ගලවා විසි කරන්න ඇති
මතකයෙන්
ගලවා විසි කරනු පිණිස මා

වසර ගණනකින්
අහම්බෙන් හමුවෙලා මහමඟ
අහන විට
ඇයි මාව හැරදමා ගියේ….?
දෑස් අග නොවියලුණු කඳුළු එක්ක
පිළිතුරක් තිබුණේ නැහැ මට දෙන්න

“බත්කූරා මිය ගියා
මට දෙන්න වෙන යමක්
නුඹ නැතත්
නුඹ සිහිවෙන්න”
මං හුගක් ආදරේ කළ
මුහුදු බෙල්ලා යතුරු රදවනය
යතුර ගවා අතට ගෙන
නුඹ අතට ගුලි කළෙමි

දෝතින්ම නුඹ
බදාගත් විට මා සුරත
කනට ළංවී කීමි මම
ආපහු මහමඟවත්
හමුවෙන්න එපා මැණික…!!

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...