වනසමින් පවතින අකුරල තෙත්බිම

තෙත් බිමක් කියන්නේ ඇතැම්විටක වනාන්තරයකිිි වුව නොලැබෙන තරම් ප්‍රබල පරිසර පද්ධතික සේවාවක් (Eco system services) සපයන අගනා පරිසර පද්ධතියක්…ඉහල වාසස්තාන විවිදත්වයක් සහිතව බොහෝ ශාක හා සත්ව විශේස වලට නිවහන සපයන අතරම ජලගැලිම් ආදිය යාමනය කරමින් ජලයේ මෙන්ම වාතයේ ඇති දුෂක හා ධුලක ඉවත්කිරිමේ අතිමහත් කාර්ය බාරයක් මෙම තෙත්බිම් වලින් සිදුවන බව ඔබ අසා ඇති. ඒවගේම ක්ෂුද්‍ර දේශගුනික තත්වයන් ‌යහපත්ව පවත්වාගෙන යැමට ලබාදෙන දායකත්වය ඉහලයි. නමුත් ඇතමුන්ට අදටත් තෙත් බිමක් දැනෙන්නෙ කිසිදු ප්‍රයෝජනයක් නැති වගුරක් ලෙස පමනයි.ඒ් වගේම ජාවාරම් කරුවන්ට තෙත්බිමක් කියන්නේ ඉල්ලමක්..

ගාල්ල හික්කඩුවෙ පිහිටල තියන අක්කර 500ක විහිදුන අකුරල තෙත් බිම දකුනු පලාතෙ පවතින ඉහල පරිසරවිද්‍යාත්මක වටිනාකමක් ඇති තෙත් බිමක්.මේ  බිමෙ මෙතෙක් සොයගත් ශාක විශෙෂ ප්‍රමාණයයපමනක් 138ක් වන අතර පක්ෂි විශෙෂ ප්‍රමාණය 110 ක්. මේ තෙත් බිම රැක ගන්න වෙහෙසෙන කැලුම් ඇතුලු ප්‍රදේශවාසින් කිහිපදෙනෙකුගෙ මහන්සියේ ප්‍රතිපලයක් විදියට2011 වසරෙදි ජාතික පරිසර පනතේ ප්‍රතිපාදන යටත්ව පාරිසරික ආරක්ෂන කලාපයක් ලෙස නමුකිරිමට යෝජිතව තිබුනත් පසුව ඒය මද්‍යම පරිසර අදිකාරියෙන් බැහැරව වනජිවි සංරක්ෂන දේපාර්තමේන්තුව යටතේ අභය භුමියක් ලෙස සංරක්ෂනය කිරිමට තිරනය වෙනව. මේ අනුව 2017 ජනවාරි 17 වෙනිදා කැබිනට් අනුමැතියද ලැබෙනව.

ඉන් අනතුරුව සිදුවන්නේ මෙම කලාපය සංචාරක සංවර්දන අධිකාරියට අයත් යෝජිත සංවර්ධන කලාපයකට ඇතුලත් විම පදනම් කරගනිම්න් රජයේ ඇතැමි නිලධාරින්ගේ හා කුට ජාවාරම්කරුවන්ගේ මැදැහත් විමෙන් අභය බුමියක් ලෙස ස්ථාපිත කිරිම වැලැක්විමයි.

අදවනවිට අනවසර ගොඩකිරිම්,කසල බැහැරකිරිම් , ගිනිතැබිම් ආදියෙන් මෙන්ම දේශපාලන අනුග්‍රහය සහිත ජාවාරම්කරුවන්ගෙ ග්‍රහනයට ලක්වි විනාශයට පත්කරමින් යන මේ තෙත්බිම බේරා ගැනිමට කැලුම් තුශාර ඇතුලු ප්‍රදේශවාසින් කිහපදෙනෙක් අකංඩ උත්සාහයක නිරත වෙනව.

මේ තොරතුරු ලිව්වේ මේ සම්බන්දව යම් මැදිහත්විමක් කලහැකි රාජ්‍ය නිලධාරින්, පරිසර ක්‍රියාකාරිකයින්, නිති වෙදින් හෝ ‌පරිසරයට ගහවැලට ආදරයකරන ඔබ සියලු දෙනාගෙ සහය තුෂාරල ඇතුලු පිරිසට ලබාදෙන්න කියන ඉල්ලිම කරන්න..

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...