පාන් පෝලිමත් ළඟ ළඟ එයි

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති  එන්. කේ ජයවර්ධන මහතා පවසන ආකාරයට ඉදිරි සති කීපය ඇතුළත පාන් පිටි හිගය සමඟ පාන් බනිස් පෝලිමක් ද ඇති වීමට නියමිතයි.  මතුව ඇති තිරිඟු පිටි හිගය හේතුකරගෙන  ඉදිරියේ දී බේකරි නිෂ්පාදන කිරීම දුෂ්කර වන බවද ඒ මහතා ප්‍රකාශ කර සිටිනවා. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඊයේ පිටි සමාගම් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී එම සමාගම් ප්‍රකාශ කර තිබුණේ අවශ්‍ය කරන මුදල් ආණ්ඩුව විසින් සපයා නොදීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණයට වීමට නියමිත බවයි. රට තුළ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට පිටි ගෙන ඒමට  සමාගම් සුදානමින් සිටියත් අත්‍යවශ්‍ය මුදලෙන් 10% ක්  පමණක් ආණ්ඩුව ලබා දෙන බැවින් මෙම අර්බුදය නිර්මාණය වී ඇති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

මේ තත්ත්වයන් හේතු කරගෙන ඉදිරි දින කිහිපය ඇතුලත ගෑස් භූමිතෙල් පිටිකිරි පෝලිම් වගේම පාන් පිටි පෝලිමක්  ඇති වීමට නියමිත බවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...