Breaking News

පාන් පෝලිමත් ළඟ ළඟ එයි

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති  එන්. කේ ජයවර්ධන මහතා පවසන ආකාරයට ඉදිරි සති කීපය ඇතුළත පාන් පිටි හිගය සමඟ පාන් බනිස් පෝලිමක් ද ඇති වීමට නියමිතයි.  මතුව ඇති තිරිඟු පිටි හිගය හේතුකරගෙන  ඉදිරියේ දී බේකරි නිෂ්පාදන කිරීම දුෂ්කර වන බවද ඒ මහතා ප්‍රකාශ කර සිටිනවා. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඊයේ පිටි සමාගම් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී එම සමාගම් ප්‍රකාශ කර තිබුණේ අවශ්‍ය කරන මුදල් ආණ්ඩුව විසින් සපයා නොදීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණයට වීමට නියමිත බවයි. රට තුළ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට පිටි ගෙන ඒමට  සමාගම් සුදානමින් සිටියත් අත්‍යවශ්‍ය මුදලෙන් 10% ක්  පමණක් ආණ්ඩුව ලබා දෙන බැවින් මෙම අර්බුදය නිර්මාණය වී ඇති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

මේ තත්ත්වයන් හේතු කරගෙන ඉදිරි දින කිහිපය ඇතුලත ගෑස් භූමිතෙල් පිටිකිරි පෝලිම් වගේම පාන් පිටි පෝලිමක්  ඇති වීමට නියමිත බවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

leave a reply