Breaking News

විදුලි බල මණ්ඩලය ලාභ ලබද්දීත් ජනතාවට සහනයක් නැහැ

2025 ජුනි 30 වන දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය (CEB) රුපියල් බිලියන 5.31 ක ලාභයක් වාර්තා කර ඇති අතර එය පෙර කාර්තුවේ වාර්තා වූ රුපියල් බිලියන 18.47 ක අලාභයට වඩා තියුණු හැරීමක් සනිටුහන් කරන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

එම පුවත්පත පවසන පරිදි විදුලිබල ක්ෂේත්‍රයේ විශේෂඥයන්ට අනුව ජුනි මාසයේදී හඳුන්වා දුන් විදුලි ගාස්තු සංශෝධනය යථා තත්ත්වයට පත්වීමට හේතු වී ඇත.

කෙසේ වෙතත්, නවතම ලාභය 2024 එම කාර්තුවේදී වාර්තා වූ රුපියල් බිලියන 34.53 ක ලාභයට සාපේක්ෂව 85% ක පහත වැටීමක් නියෝජනය කරන බවද පැවසේ.

මෙම පුවත හරහා පැවසෙන්නේ වසර මුලදී විදුලිබල මණ්ඩලයේ අලාභයට බොහෝ දුරට හේතු වූයේ ජනවාරි මාසයේදී රජය විදුලි ගාස්තු 20% කින් පමණ අඩු කිරීමට ගත් තීරණයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගින් දිගටම ආර්ථිකය ස්ථාවර කිරීමට අදාළව පිරිවැය ගැලපුම් ක්‍රමවේදයක් හඳුන්වාදෙන ලෙස අවධාරණය කරන බවද එහි සඳහන් වේ.

මෙහි පැහැදිලි නොවන කාරණය වන්නේ විදුලි බල මණ්ඩලය ලාභ ලබන බව පවසන්නේ නම් එහි තේරුම විදුලිය නිෂ්පාදනය සඳහා වැයවෙන පිරිවැයට වඩා වැඩි මුදලක් ගාස්තු ලෙස අයකරන බවයි.

එසේම පසුගිය වසරේ මේ කියන ආකාරයේ අධික ලාභයක් ලැබුවේ නම් එම ලාභය කුමක් සඳහා යෙදවුනේද එම ලාභය හරහා ජනතාවට සහනයක් ලබාදීමට බරිවුවේ ඇයිද යන්න ගැටළුවක් ලෙස පවතියි.

leave a reply