විදුලි බිල වැඩිකිරීමට එරෙහි පන්දම් විරෝධය …..

මීගමුව මහජන කවුන්සලය විසින් වැඩිවන විදුලි බිලට එරෙහිව අද ( 02 ) දින පන්දම් සහ සටන්පාඨ සහිත පුවරු රැගෙන විරෝධතාවයක් පවත්වන ලදී . ඒ මීට පෙර පුරවැසි කමිටුව තුළ මතුවූ යෝජනාවකට අනුවය . මීගමුව තෙල්වත්ත හන්දියේ සහ පෙරියමුල්ල හන්දියේ මෙම විරෝධතාවය පැවැත්වීමට කටයුතු යෙදූ අතර මේ සඳහා මීගමුව මහජන කවුන්සලයේ ක්‍රියාකාරී පිරිසට අමතරව ප්‍රදේශවාසීන්ද සහභාගි විය.

අද එදිනෙදා ජීවිතය ඉතා අපහසුවෙන් ගතකරන සාමාන්‍ය ජනතාවට මෙම විදුලි බිල වැඩි කිරීම ගහෙන් වැටුනු මිනිහට ගොනා දෙතුන් වරක් අනිනවාට සමාන තත්වයක් ලෙස දැක්විය හැක. අප මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් මීගමු නගරයේ පෝස්ටර් ඇලවීමක්, අත්පත්‍රිකා බෙදීමක් සහ ගම් කිහිපයක ශබ්ද විකාශන භාවිතා කර ජනතාව මේ සඳහා සහභාගි කරවීමටද උත්සාහ කරන ලදී . මේ අනුව යම් සහභාගි වීමක් සහිතව මෙම විරෝධතාවය පවත්වන ලදී .

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...