විදුලි බිල වැඩිකිරීමට එරෙහි පන්දම් විරෝධය …..

මීගමුව මහජන කවුන්සලය විසින් වැඩිවන විදුලි බිලට එරෙහිව අද ( 02 ) දින පන්දම් සහ සටන්පාඨ සහිත පුවරු රැගෙන විරෝධතාවයක් පවත්වන ලදී . ඒ මීට පෙර පුරවැසි කමිටුව තුළ මතුවූ යෝජනාවකට අනුවය . මීගමුව තෙල්වත්ත හන්දියේ සහ පෙරියමුල්ල හන්දියේ මෙම විරෝධතාවය පැවැත්වීමට කටයුතු යෙදූ අතර මේ සඳහා මීගමුව මහජන කවුන්සලයේ ක්‍රියාකාරී පිරිසට අමතරව ප්‍රදේශවාසීන්ද සහභාගි විය.

අද එදිනෙදා ජීවිතය ඉතා අපහසුවෙන් ගතකරන සාමාන්‍ය ජනතාවට මෙම විදුලි බිල වැඩි කිරීම ගහෙන් වැටුනු මිනිහට ගොනා දෙතුන් වරක් අනිනවාට සමාන තත්වයක් ලෙස දැක්විය හැක. අප මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් මීගමු නගරයේ පෝස්ටර් ඇලවීමක්, අත්පත්‍රිකා බෙදීමක් සහ ගම් කිහිපයක ශබ්ද විකාශන භාවිතා කර ජනතාව මේ සඳහා සහභාගි කරවීමටද උත්සාහ කරන ලදී . මේ අනුව යම් සහභාගි වීමක් සහිතව මෙම විරෝධතාවය පවත්වන ලදී .

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...