සහෝදර සටන් සගයන් වෙනුවෙන් ඔවුන් නිදහස අත්හරීයි

ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ, එරංග ගුණසේකර සහ ධම්මික මුණසිංහ හට ඇප ලබා දීමට අද අධිකරණය තීරණය තීරණය කර තිබුණා. කෙසේ වෙතත් තමන් සමග එකට අරගල බිමේ අරගල කල  ළහිරු, අමල්, ජිනරතන හිමි සහ රතිඳු හතර දෙනා බන්ධනාගාරයේ තනි නොකර ඔවුන්ට නිදහස ලැබෙන තුරු රැඳී සිටින්නට මේ ඇප ලැබුණු හතර දෙනා තීරණය කර තියෙනවා. ඔවුන්ගේ නිදහස වෙනුවෙන් අධිකරණය නියෝග කළ ඇප මුදල නොගෙවා තවදුරටත් බන්ධනාගාරයේ සිටින්නට ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ, එරංග ගුණසේකර සහ ධම්මික මුණසිංහ තීරණය කිරීම හරහා සමාජයට ගෙන යන ආදරණීය පණිවිඩය සමාජය තේරුම් ගන්න තරම් අවධානයකින් සිටින්නේද කියා කියන්නට අපි නොදනී.

මේ තීරණය හරහා අරගලයේ ආදරණීය පණිවිඩය තවදුරටත් ශක්තිමත් වෙන බව නම් සැබෑය. එපමණක්ද නොව මොවුන් සටන් වදින්නේ තනි තනි පුද්ගලයන්ගේ නිදහස උදෙසා නොව සාමූහික නිදහස උදෙසා කියන පණිවිඩය ද සමාජයට දෙන්න පුළුවන්කම ලැබී තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...