සහෝදර සටන් සගයන් වෙනුවෙන් ඔවුන් නිදහස අත්හරීයි

ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ, එරංග ගුණසේකර සහ ධම්මික මුණසිංහ හට ඇප ලබා දීමට අද අධිකරණය තීරණය තීරණය කර තිබුණා. කෙසේ වෙතත් තමන් සමග එකට අරගල බිමේ අරගල කල  ළහිරු, අමල්, ජිනරතන හිමි සහ රතිඳු හතර දෙනා බන්ධනාගාරයේ තනි නොකර ඔවුන්ට නිදහස ලැබෙන තුරු රැඳී සිටින්නට මේ ඇප ලැබුණු හතර දෙනා තීරණය කර තියෙනවා. ඔවුන්ගේ නිදහස වෙනුවෙන් අධිකරණය නියෝග කළ ඇප මුදල නොගෙවා තවදුරටත් බන්ධනාගාරයේ සිටින්නට ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ, එරංග ගුණසේකර සහ ධම්මික මුණසිංහ තීරණය කිරීම හරහා සමාජයට ගෙන යන ආදරණීය පණිවිඩය සමාජය තේරුම් ගන්න තරම් අවධානයකින් සිටින්නේද කියා කියන්නට අපි නොදනී.

මේ තීරණය හරහා අරගලයේ ආදරණීය පණිවිඩය තවදුරටත් ශක්තිමත් වෙන බව නම් සැබෑය. එපමණක්ද නොව මොවුන් සටන් වදින්නේ තනි තනි පුද්ගලයන්ගේ නිදහස උදෙසා නොව සාමූහික නිදහස උදෙසා කියන පණිවිඩය ද සමාජයට දෙන්න පුළුවන්කම ලැබී තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...