නීතිඥවරුන්ට එරෙහිව පොලීසිය එල්ල කළ චෝදනා ඉල්ලා අස්කර ගනියි

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී පසුගිය 18 වැනිදා නිතීඥවරුන් පිරිසක් කළ විරෝධතාවය සම්බන්ධයෙන් කොළඹ කෙසෙල්වත්ත පොලිසිය අධීකරණයට ගොනු කර තිබු බී වාර්තාව අද (24) ඉල්ලා අස් කර ගැණුනා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්තට නිතීපති දෙපාර්තමේන්තුව අයුතු බලපෑම් සිදුකළේ යැයි පවසමින් නිතීඥවරුන් පිරිස එදින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිතරණය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා.

ඊට සහභාගී වූ නිතීඥවරුන් තුන්දෙනෙකු ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට හමුවේ බී වාර්තාව ගොනු කර තිබුණා.

එම වාර්තාව සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පොලිසියට නියම කර තිබුණේ, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

කෙසේ වෙතත්, එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ වාර්තාව සම්බන්ධ වැඩිදුර පියවර නොගෙන ඉල්ලා අස්කරගැනීමට අවසර පතන බවයි.

ඊට ඉඩ දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අදාළ නඩු කටයුත්ත අවසන් කළා.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...