නීතිඥවරුන්ට එරෙහිව පොලීසිය එල්ල කළ චෝදනා ඉල්ලා අස්කර ගනියි

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී පසුගිය 18 වැනිදා නිතීඥවරුන් පිරිසක් කළ විරෝධතාවය සම්බන්ධයෙන් කොළඹ කෙසෙල්වත්ත පොලිසිය අධීකරණයට ගොනු කර තිබු බී වාර්තාව අද (24) ඉල්ලා අස් කර ගැණුනා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්තට නිතීපති දෙපාර්තමේන්තුව අයුතු බලපෑම් සිදුකළේ යැයි පවසමින් නිතීඥවරුන් පිරිස එදින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිතරණය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා.

ඊට සහභාගී වූ නිතීඥවරුන් තුන්දෙනෙකු ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට හමුවේ බී වාර්තාව ගොනු කර තිබුණා.

එම වාර්තාව සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පොලිසියට නියම කර තිබුණේ, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

කෙසේ වෙතත්, එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ වාර්තාව සම්බන්ධ වැඩිදුර පියවර නොගෙන ඉල්ලා අස්කරගැනීමට අවසර පතන බවයි.

ඊට ඉඩ දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අදාළ නඩු කටයුත්ත අවසන් කළා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...