ක්‍රීඩා ඇමති හමුවීමට යන බව පවසා පොහොට්ටු මන්ත්‍රී නෙත්මි අහිංසාව නාමල් ලගට එක්කන් ගිහින්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදි මල්ලවපොර ක්‍රීඩා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනු නෙත්මි අහිංසාට පදනම් ආයතනයේ පැවැත්විමට නියමිත ත්‍යාග ප්‍රධානෝත්වයට පසුගියදා පැමිණෙන ලෙස ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සහ ලේකම්වරයා නෙත්මි අහිංසාට දැනුම් දි ඇත.පසුව ඇයට සහ ඇයගේ පුහුණුකරුට කොළඹ බලා යාමට ප්‍රවාහන පහසුකම් සැපයිමට වෙල්පල්ල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන සම්පත් නැමැති අයෙකු ඉදිරිපත් වි ඇත.

පසුව ඔහු සැපයු වාහනයේ රියදුරු සමග ඇය කොළඹ පදනම් ආයතනය බලා පිටත් වු අතර එලෙස කොළඹ එන අතරමගදි වෙල්පල්ල පොහොට්ටුවේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී විසින් රෝනී ඉබ්‍රහිම් නැමැති නාමල් රාජපක්ෂගේ හිතවතෙකු වන රගර් ක්‍රීඩකයාට දුරකතන ඇමතුමක් ලබා දී ඇත.
එම දුරකථන ඇමතුමෙන් සුලු මොහොතකට පසු රෝනී ඉබ්‍රහිම් විසින් නෙත්මි අහිංසා පැමිණෙන වාහනයේ රියදුරුට අමතා නෙත්මි අහිංසාව හමුවිමට ක්‍රීඩා ඇමතිවරයා බලා සිටින බැවින් ඔහු පවසන ස්ථානයට පැමිණෙන ලෙස දන්වා ඇත. පසුව මේ කිසිවක් නොදන්නා නෙත්මි සහ ඔහුගේ පුහුණුකරු මෙන්ම රියදුරාද කොළඹ නාමල් රාජපක්ෂ රැදි සිටින නිවස වෙත ගොස් ඇත. එම ස්ථානයට පැමිණි පසු ආරක්ෂක නිලධාරින් විසින් සියලුදෙනාගේම දුරකතන ක්‍රීයාවිරහිත කරන ලෙස දන්වා නිවස ඇතුළට ගෙන ගොස් ඇති අතර එහිදි එක විටම නාමල් රාජපක්ෂ පැමිණෙනු දැක නෙත්මි සහ ඔහුගේ පුහුණුකරු විමතියට පත්ව ඇත.

මේ වන විටත් පදනම් ආයතනයේ ඇය පැමිණෙන තුරු මල්ලවපොර සම්මේලනයේ විශාල පිරිසක් සහ මාධ්‍යවේදින්ද රැස්ව සිටියේය. දිගින් දිගටම ඇයව සම්බන්ධ කර ගැනිමට මල්ලවපොර සම්මේලනයේ නිලධාරින් උත්සහ කලද එය සාර්ථක වුයේ නැත. අසරණ වි සිටි නෙත්මි අහිංසා නාමල් රාජපක්ෂ සමග මද වේලාවක් කතා බහා කර ඇති අතර ඒ අවස්ථාවේ නාමල් රාජපක්ෂගේ අසල සිටි පිරිස විසින් නාමල් රාජපක්ෂ ඇය සමග සිටින ජයාරුපද ලබාගෙන ඇති අතර පසුව ඒවා මාධ්‍යට නිකුත් කර තිබුනේය.

මල්ලවපොර ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනාටම ආචාර කිරිම නියමයක් වන අතර එම නියමට ගරු කරමින් නාමල් රාජපක්ෂට වැද එම ස්ථානයෙන් නෙත්මි අහිංසා පිටත්වී පදනම් ආයතනයට පැමිණි පසු සිදුවු සිදුවිම සම්මේලනයේ නිලධාරින්ට පවසා ඇත.

උපුටා ගැනීම – අනුෂ්ක දිල්හාර කළුපහනගේ facebook පිටුවෙනි

Share post:

Popular

More like this
Related

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...