දරුවෙක් දැරිවියක් වැඩිවිය පැමිනීම අතිශය ස්වභාවික ජෛවවිද්‍යාත්මක සංසිද්ධිය කි.නමුත් සංස්කෘතික ව වෙනම කලාපයකි. මල්වර විය පිළිබඳ රසවෑහෙන ගී සිංදු ලියවී ඇත්තේ එබැවිනි.
අක්කා: මල්කිනිත්ත වාගෙ ඉන්න පුංචි නංගි
ලස්සනයි…
නංගී :අක්ක යන්නෙ එන්නෙ කන්නෙ
බොන්නෙ හරිම තාලෙටයි….
ගීතයේ සමස්ථාර්තය වැඩිවිය පැමිණි යුවතියක් ගැන නොවූවත් ,දැරිවියකගෙ මල්වර වියේ අපූරු දෘශ්‍ය රූපයක් එතන තියනව.නංගි මල් කිනිතිතක් වෙන කොට අක්කා වෙනම සුළඟක නටනව.
නව යොවුන් තරුණියකගෙ ඇවතුම් පැවතුම් එහෙමය.
ඉන්නෙ ටිකක් හිතට අරං…සමහර විට පිරිමි නොදන්නඅර තනිකරපු කාමරේ ඉද්දි වැඩිහිටි කාන්තාවො දීපු දැනමුතුකම් හින්දා වෙන්නත් පුලුවන් .මොනව වුනත් නව යොවුන් කෙල්ලෙකුගෙ හැසිරීමෙ සොදුරු ” කැටයම්” ටිකක් තියෙනව. මිශ්‍ර පාසල්වල හිටපු කොල්ලො නං මේ අලකලංචිය ගැන හොදට දන්නව.
සිනා දොලක් වන් සිනා මලී
මල්වර නැකතින් දොරට වඩින සුදු සිනා මලී..
බලා උන්නෙ එන තුරු පෙරදාවාගේ..
ඇයි පිටපාරෙම අද
(වික්ටර් රත්නායක /කුලරත්න ආරියවංශ )
සිනා දොලක් වාගෙ හිටපු..( සිනා දොලක් …ඒයෙදුම වෙන වැඩක් )දැරිවියකට මොක ද උනේ …එයා පිට පාරක ….ඒ කියන්නෙ අර සිනා දොල සිදී ගිහින්ද එහෙම නැත්නං අර සිනා දොල පුංචි දිය සීරාවක් වෙලා වත්ද?
අදාලම නැති අතුරු කතාවක් මේ සිනාදොලක් ගීතය එක්ක මතක් වෙනව.ගී සිංදු ගැන ලියන හින්ද ඒකත් ලියන්නම්.
අපේ මිත්‍රයෙක් හිටිය හොදට ගයන්න පුලුවන් .මධුසාද අතර ඔහු අනිවාර්යයෙන් ගයන ගීයක් මේක.හැබැයි අවසාන කරන්නෙ විශේෂ විදියකට.වික්ටර්ගෙම පොඩි කුමාරිහාමියෙ ගීයත් එක්ක මේ ගීතය තාලය නොමරා මේ විදියට කලවම් කරල දානව..
“සිනාදොලක් වන් සිනා මලී
මල්වර නැකතින් දොරට වඩින සුදු සිනා මලී කාසි එපා උඹ සිනාවෙවී ඔහෙ බලා ඉන්නවානම්…..”
ආයෙ මාතෘකාව ට එමු.
මේ පිටපාරෙන් යන යුවතිය ගැන තව සිංදුවක්
දම්පැහැ කහට කජුපුහුලම් පිපි කලේ
රංචුව ගැහුන හැටි මතකද අපි බාලේ
මල්වර වියේ ඉදහිට අප දුටුවේලේ…
බැරිවුනි කියා ගන්නට සිත බැදි ආලේ…
(අමරදේව)
එකම කල්ලියක ඉදගෙන වත්තපිටියෙ,වන වදුලෙ ,පාසැලෙ රංචු ගැසුන මේ දැරිවිය මල්වර වුනාට පස්සෙ මුන ගැහෙන්නෙ ඉදහිටල.
කතකයාට තම සිත බැදි ආලෙ කියා ගන්න බැරිවුනේ ඇයි.
ඇය මල්වර වෙන්න පෙර ඔහුට ඇය ගැන”පිළිබඳ” සිතක් තිබුනෙ නැද්ද ?
ඉදහිට හමුවෙද්දි ඒ පිළිබඳව කියන්න ඉඩ ප්‍රස්ථා ව තිබුනෙ නැද්ද..(රංචුවකුත් ඉන්නවනෙ)
මල්වර වීමෙන් පස්සෙ ඇගෙ රූසපුව/ඇවතුම් පැවතුම් දුටුවම මේ කුලුදුල් පෙමිවතා අන්දමන්ද උනාද….?
කිවයුතු දේ කිවයුතු මොහොතෙ කියා ගන්න බැරිවුනාම ජීවිතය ඛේදවාචකයක් වෙන්නත් පුලුවන් ඒ වාගෙම වේදනාත්මක සෞන්දර්ය ක් වෙන්නත් පුලුවන් .මට ගීත දෙකක් නිරයාසයෙන් මතක් වෙනවා..
“බැදි ආදරේ සඟවා සිතේ
නොකියා මෙමා උන්නා
ඔබ දන්නෙ නෑ මම කීවෙ නෑ
හඬනා හැඬුම් පෙන්නා ළයේ
ආදරෙන් අමතා…
(අබේවර්ධන /ප්‍රේම්/වික්ටර් ..දිනක මතුදා දෛවයෝගයකින්)
මෙි වනතුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුනා
එය කීමටයි ලතවුනේ
(මිල්ටන් මල්ලවආරච්චි…එදා රෑ…ගුවන්තොටුපලේදී)
කොල්ලො මල්වර වෙන්නෙ නැත්ද …ජෛවවිද්‍යාත්මක ව එහෙම වෙනව .දැලි රැවුලක් ඇවිල්ල උගුරු ඇටේ පැනල දඩු වාගෙ උස යන්නෙ ඔය කාලෙ .මෙලෝරහක් නැති කටහඬකුත් එනව.
කෙල්ලන්ට සාපේක්ෂව ගන්න දෙයක් නෑ.
කරුනාසේන ජයලත් තමන්ගෙ සුන්දර නවකතා කලඹ ඇතුලෙ කොහේ හෝ තැනක මේ සත්‍රී /පුරුෂ මල්වර වීමේ වෙනස ගැන ලියල තිබුන.මතෙකෙ හැටියට ඔහු ලියල තිබුනෙ මල්වර වූ යුවතියක් මල්වර වූ පිරිමියෙකු ට සාපේක්ෂව මුහුකුරා ගිය බවක් හා වගකීම් සහගත බවකින් යුක්ත බවයි.
පිරිමියෙකු මල්වර වීම පිළිබඳව ලියවුණු ගීත අපේ ගීත සාහිත්‍ය ඇතුලෙ විරලයි.සුනිල් ආරියරත්න ලියපු වික්ටර් ගයන මේ ගීතය එහෙම එකක්.
“හුරතලේට කවි කියමින්
එහෙමෙහෙ ගිය මං
බාල බොළද බස් දොඩමින්
කැලේ පැන්න මං
බාලවියෙන් පිට මං වී..
යොවුන් වියට පියමැන්නේ
පිය ලදුනේ ඔබ නිසාය….
හෝර්මෝන වලින් තම සිරුර තුල විකසිත කරගැනීමට නොහැකි වූනව ජීවිත කලාපයක් මේ නව යොවුන් කතකයාට විවර කර දී ඇත්තේ බාහිර ඇමතුමකිනි.ඒ අර මල්වර යුවතියගේ ආදරණීය පරිනත ඇමතුමයි.කවිකියමින් මව් තුරුලේ හුරතල් වූ කොලු පැංචා ගැටවරයෙකු ලෙස යලි උපදී…
මල්වර ගීසිංදු පිළිබඳව මගේ දළ මතකයන් එහෙමය.වික්ටෝරියානු සුචරිතවාදයේ, සෙවනැලි වැටී තිබුනත්,ස්ත්‍රීවාදීන් අරෝවක් ඇතිකලත් මම ආසම කරන ගීත අතරින් මෙම ගීතය අවසානයේ මතක් කරමි…
බෝදියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ
බාළිකා ලොව මැලවුන දා
මුළු ලොවටම රෑ වෙනවා…
(නීලා/අජන්තා/සරත් දසනායක)