නව බදු සංශෝධන හරහා ජනතාව මත තවත් බර පැටවෙනු ලකුණු

වහාම ක්‍රියාත්මක වන පරිදි බදු වර්ග කිහිපයක් ඉහළ දමා සහ බදු අයකරන සීමා කිහිපයක්ද සංශෝධනය කර තිබෙන බව අග්‍රමාත්‍ය කාර්යාලය විසින් සඳහන් කර තිබුණා. මේ හරහා ජනතාව මත තවත් බර පැටවෙනු ඇත.

මෙතෙක් 08% ක් ලෙස අයකළ වැට් බද්ද 12% ක් දක්වා ඉහළ දමා තිබෙනවා. විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා ඉහළ දමා ඇත.

වැට් ඉහළ දැමීම හරහා රුපියල් බිලියන 156 ක අමතර ආදායමක් උපයා ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වන අතර මෙම වසර තුළ පමණක් රුපියල් බිලියන 91 ක් උපයා ගැනීමට ඉලක්ක කර තිබෙනවා. වැට් යනු රටේ සාමාන්‍ය ජනතාවට පවා දායකවීමට සිදුවන බද්දකි.

වැට් ඉහළ දැමීම හරහා භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යනු ඇත.

විදුලි සංදේශ බදු සංශෝධනය හරහා රුපියල් බිලියන 05 ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන අතර මෙම වසරේදීම බිලියන 03 ක ආදායමක් බලාපොරොත්තු වේ.

මෙතෙක් ආදායම් බදුවලින් නිදහස් කරන සීමාව වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 30 ක් ලෙස පැවති අතර නව සංශෝධනය අනුව වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18 ඉක්මවන පුද්ගලයන්ට රජයට ආදායම් බදු ගෙවීමට සිදු වේ.

බදු අයකළ හැකි ආදායම මත බදු කාණ්ඩ රුපියල් ලක්ෂ 30 සිට 12 දක්වා අඩුකර ඇති අතර එක් එක් බදු කාණ්ඩයට 04% සිට 32% දක්වා බදු අනුපාත පැනවීමටද යෝජනා කරයි.

සේවා නියුක්ති ආදායම මත රඳවා ගැනීමේ බදු අනිවාර්ය කිරීම – වෘත්තිකයන් වැනි පුද්ගලවන් වෙත සිදුකරන මසකට රුපියල් ලක්ෂය ඉක්මවන සේවා ගෙවීම් මත රඳවා ගැනීමේ බද්දක් පැනවීම – වැට් බද්ද සඳහා ලියාපදිංචි කිරීමේ සීමාව වසරකට රුපියල් මිලියන 300 සිට මිලියන 120 දක්වා අඩු කිරීම ද නව බදු යෝජනා අතර වනවා.

සූදු ව්‍යාපාර ක්‍රියාත්මක කිරිම සම්බන්ධ වාර්ෂික බද්ද රුපියල් මිලියන 200 සිට මිලියන 500 දක්වා ඉහළ දැමීමත් – 2019 වසරෙන් පසු ලබාදී තිබූ බදු සහන හා බදු විරාම රැසක් ඉවත් කිීමටත් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් යෝජනා කර සිටිනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...